අනුරාධපුරයේ සුන්දර ගමක ඉපදෙන්න ලැබීමත් වාසනාවක්

මේ ජයග්‍රහණය ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ අම්මායි
නොවැම්බර් 13, 2019

 

නයෝමි තක්ෂිලා

 

ඇය රංගනයට අත්පොත් තබන්නේ වේදිකාවෙනි. වේදිකා නාට්‍යය කිහිපයකටම රංගනයෙන් දායක වූ ඇය 2015 වර්ෂයේ යෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස පිදුම් ලැබුවාය. එමෙන්ම 2017 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය වන්නේ ද ඇයයි.

ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්, පසුගියදා පැවැත්වූ 24 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණේ ඇයටයි. ඇය නයෝමි තක්ෂිලා. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ‘නීල පබළු’ ටෙලි නාටයයේ පූජාගේ චරිතය නිසා ඇය කා අතරත් ජනප්‍රියයි. මේ ඇය සමඟ කළ සුහද කතාබහයි.

 

ඉතිං කොහොමද නයෝමි.

හොඳින් ඉන්නවා

 

ජනප්‍රිය නිළිය වෙනවා කියන්නේ පහසු දෙයක් නෙවෙයි. ඉතිං මෙවර සුමති ටෙලි සම්මාන උළෙලදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබෙන්නේ ඔබටයි. මොකද ඒ ගැන හිතෙන්නේ?

මට ඒ ගැන කතා කරන්න වචන නැහැ. ඒ තරමට සතුටක් තියෙන්නේ. මම හිතුවෙ නැහැ මට මේ තරම් ඉක්මනට ජනප්‍රිය නිළිය සම්මානය ලැබෙයි කියලා. මොකද මට වඩා මේ ක්ෂේත්‍රයේ පළපුරුදු දක්ෂ ශිල්පින් හිටියා. ඉතින් ඒ සිලුම දෙනා අභිබවා මට මේ ලැබුණු සම්මානය මගේ දරුවකු හා සමානයි. මොකද මම කලාව වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වුණා.

මේ සම්මානය එකම පිරිසකට හිමි වුණ කාලයක් තිබුණා. ඒ තත්ත්වය ගිලිහිලා ඔබට මේ සම්මානය ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ජනප්‍රියත්වය කියන එක වෙනස් වෙනවා. සමහරු කාලයක් ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. කාලයක් නැති වෙනවා. මට සම්මානය ලැබුණු සැණින් මම කියන්නේ නැහැ. මම ජනප්‍රියයි කියලා. නමුත් වෙනසක් වුණු එක හොඳයි. ලබන අවුරුද්දේ මේ සම්මානය වෙන කෙනකුට ලැබෙනවාට මම කැමැතියි. හැමෝටම අවස්ථාව ලැබෙන්න ඕනෙනේ.

 

 

 

2019/11/13 තරුණි බලන්න........