ජපනාගෙ නිරෝගීකමේ රහස්

නොවැම්බර් 20, 2019

අපට ගෙනෙන නිල්මිණි...

ඇය රුවැත්තියකි. රුව පමණක් නොව, දක්ෂතාවන්ගෙන් ද පිරිපුන් කාන්තාවකි. දියණියක්, බිරියක්, මවක් යන භූමිකාවලට අමතරව ඇය ගුරුවරියක්, ගීත රචිකාවක්, නිරූපණ ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් යන භූමිකාවන්හි ද ක්‍රියා කරන්නී ය. නිල්මිණී පෙරේරා වන ඇය කාන්තාවක සතු දක්ෂතාවලින් දියුණුව කරා යන්නේ කෙසේදැයි අපට පසක් කරදෙන චරිතයකි.

අපි ඇගේ හඬට සවන් දෙමු.

දරුවෙක් හැදෙන්නේ මවකගේ ඩිම්බයක් සහ පියකුගේ ශුක්‍රාණුවක එකතුවකින්. ඒ එකතුවෙන් මුලින් ම හැදෙන්නේ මවු සෛලයයි.

ඉන්පසුව එය මූලිකව කොටස් හතරකට බෙදෙන අතර පසුව මොළය, වකුගඩු ආදී අවයව සැකසෙනවා. ඉපදීමෙන් පසුව වයස අවුරුදු 20 ක් පමණ යනතෙක් අපිට ආහාර ගැන විශාල බලපෑමක් නොවී, මවු සෛලය දිගින් දිගට වර්ධනය වනවා.

එහෙත් අවුරුදු 20 සිට අපේ මවු සෛලයෙන් ලැබුණු දේ අහිමි වන අතර ටිකෙන් ටික එය ක්ෂය වෙයි.

එහෙත් වයසට යාම අවම කිරීමට නම් ඇන්ටිඒජින් කැප්සූල් එකට පුළුවන්. මෙය නිෂ්පාදනය කළ ජපන් ජාතිකයා අවුරුදු 80 ඉක්මවූ අයෙක්.

ඒත් ඔහු දුටු කෙනකුට ඔහුගේ සැබෑ වයස හිතා ගන්නවත් බෑ. ඒ තරම් ඔහු තුළ ජවයක් පවතිනවා. ජපානයේ පුද්ගලයකු වයස 100 පසු කිරීම සාමාන්‍ය දෙයක්.

සමාන්‍යයෙන් ස්වාභාවික පරිසරයේ තිබෙන දූෂ්‍ය නොවූ ගහ කොළ, ඇළ දොළ ආදියේ ද එම ද්‍රව්‍යවලට අඩංගු මවු සෛල තැන්පත්ව පවතී. එම නිසා එවැනි දෑ පරිභෝජනය කිරීම නිරෝගී බවට හේතුවක්. ඒත් අපි දැන් කෘත්‍රිම ආහාර රටාවන්ට පුරුදු වෙලා.

ලෙඩ දුක්, කරදර අපිට වැඩි වෙන්නේ හා ආයුෂ අඩු වෙන්නේ ඒ හේතුව නිසයි.

අපේ පාරම්පරික වෙදකමේ ඇති හාස්කම වන්නේත් මේ ශාක හා සත්ත්ව මවු සෛල මඟින් සිරුර නීරෝගී කිරීමයි.

වයසට යාමට අපි කවුරුත් කැමැති නැහැ. ඒත් මේ ජපානයේ නිෂ්පාදිත හයිඩ්‍රජන් වායුව මිශි‍්‍රත කැප්සූලය මඟින් අපේ සිරුරේ ඇති වන ඉන්ද්‍රියයන්ගේ දුර්වලතා අවම කරනවා.

අපගේ වයස 20 ඉක්මවීමත් සමඟ නහර හා ස්නායු ස්වාභාවිකව ම අවහිරතාවලට ලක් වෙනවා. ඒ නිසා නිසි පරිදි රුධිරය සංසරණය නොවීමෙන් විවිධාකාර රෝග ඇති වෙනවා පමණක් නෙවෙයි, සමේ පැහැය පවා අවපැහැ වෙනවා.

සමේ රැලි ඇතිවී සමේ ඇති ස්වාභාවික අලංකාරය නැතිව යනවා.

හයිඩ්‍රජන් අඩංගු මේ කැප්සූලය මඟින් නහර පිරිසුදු කිරීම සිදු කරනවා. එවිට නිසි පරිදි රුධිර සංසරණය සිදු වී නිරෝගී බව ලැබනවා..

මෙයින් තමා නොදැනීම තමාගේ සිරුර පිරිසුදු වන්නේ හරියට වාහනයක් සර්විස් කිරීමක් ලෙසටයි. සිරුරේ හෘදයේ ක්‍රියාකාරීත්වය මෙන්ම හැම ඉන්ද්‍රියකම නිරෝගී භාවය ඇති වේ. සිරුරේ අභ්‍යන්තරය පිරිසුදු වී නිරෝගී වන විට සම ද නීරෝගී වී පැහැපත් වන්නේ නිරායාසයෙන්. සම සුදු වීම සඳහා අමුතුවෙන් බෙහෙත් වර්ග ගැනීමට මේ නිසා අවශ්‍ය වෙන්නේ නැහැ.

මෙහි ඇති හොඳම දේ වන්නේ වයස රූපයෙන් පමණක් තරුණ නොවී, එය ජවයෙන් ද සිදු වීමයි.

ලංකාවේ බොහෝ දෙනකුට තියෙන ගැටලුවක් තමයි උදරය ඉදිරියට නෙරා ඒම. මම දරුවන් සිව් දෙනකුගේ මවක්.

මගේ ලොකු පුතාට දැන් වයස 28 ක්. ඒත් මම මගේ පෙනුම හොඳින් පවත්වාගෙන යනවා. මම ජීවත් වෙන්නේ ජපානයේ නිසා එහේ ජීවන රටාවට මම දැන් පුරුදු වෙලා. ඒ රටේ හැම කෙනෙක්ම වගේ වාහනයට නඟින්නේ දුර ගමනක් යන්න විතරමයි. එහෙම නැත්නම් සාමාන්‍ය දුරකට යන්නේ ෆ්‍රට් බයිසිකල් එකෙන්.

එහේ හැම ගෙදරකම ෆුට් බයිසිකල් එකක් තියෙනවා. මේ විදියට ජීවත් වෙනකොට අමුතුවෙන් ව්‍යායාම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ශරීරයට අවශ්‍ය ව්‍යායාම අපිට ඉබේම ලැබෙනවා.

ඒත් බලන්න අපේ රටේ ගොඩක් අය මීටර් 100ක් දුරින් තියෙන කඩේට යන්නෙත් වාහනෙන්. කෑම කන්නෙත් ඇඟ ගැන හිතලා නෙවෙයි.

එක බස් හෝල්ට් එකේ දුරවත් පයින් යන්නේ කීයෙන් කීදෙනාද? ඉතිං ඇඟවල් තරබාරු වෙනවා විතරක් නෙමෙයි, නිරෝගී බවත් අඩු වෙනවා.

ඒ වගේම ගෙදර පවිත්‍ර කිරීමේ කටයුතු ඒ රටේ පුංචි කාලේ ඉඳන් පුරුදු පුහුණු කරනවා.

මොප් කරනකොට පහත් වෙලා බිම මැදීම කරනකොට හොඳින් නැමෙන්න වගේම සිරුර හැඩ වෙන්නත් අමුතුවෙන් ජිම් යන්න ඕන වෙන්නේ නෑ. ඒ රටේ ආහාර රටාවත් නීරෝගී බවට හේතුවක්. මොකද ජපානේ ගොඩක් ආහාර වට්ටෝරු තියෙන්නේ අමුවෙන් කන්න. ඇතැම් මාළු වර්ග පවා කන්නේ උයන්නේ නැතිව.

මම ලංකාවට ආවම ඒ ආහාර රටාව වෙනස් වෙන නිසා මම එනකොට එළවළු සහ පලතුරු සාරය ඇතිව සැකසූ ආහාර කුඩු පැකට් ජපානෙන් ගේනවා.

ඒ පැකට් එකක් වතුර ලීටරයකට මිශ්‍ර කරලා බොනවා. එතකොට අමුවෙන් ඒ පලතුරු, එළවළු ගත්තා වගේ පෝෂණය සිරුරට ලැබෙනවා. එහෙම කරන්නේ මෙහේ කෑම තම්බලා කන නිසා පෝෂණය අඩුවෙන නිසයි.

ජපානෙදි සාමාන්‍යයෙන් මාස තුනෙන් තුනට ෆුල් බොඩි චෙකප් එකක් කරනවා.

මොකද ඒ රටේ රජය මිනිසුන්ගේ සෞඛ්‍ය රටේ අනාගතය බව හිතනවා. ඒනිසා එහේ වෛද්‍යවරයකු ළඟ රෝගීන් 10 ක් වත් නෑ. ලංකාවේ මිනිස්සු ඒ අතින් හරිම අවාසනාවන්තයි. මොකද රටේ වටිනා දේවල් මොන තරම් තිබුණත් ඒ දේවල්වලින් නිසි ප්‍රයෝජනයක් ගන්න දන්නේ නෑ.

මම ලංකාවට ආවම ගොටුකොළ සම්බෝලයක් හදාගෙන උදේට පාන් පෙත්තක් දෙකක් එක්ක කනවා. අපේ අය පාන් කන්න ගියත් පාන් ගොඩක් කනවා. එළවළු, පලතුරු කන්නේ අඩුවෙන්.

පාන් පෙත්ත ටෝස් කරලා කන්න ගත්තම හොඳයි. ආහාර රටාව හරි විදියට හදා ගත්තම සිරුරේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා.

ඡායා - ශාන් රූපස්සර

2019/11/20 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.