බ්‍රිතාන්‍ය රජ පවුලේ අවුල් ගොඩක් ඇති කළ කොරෝනා

අප්‍රේල් 1, 2020

කොරෝනා වෛරසය ලෝකයට බොහෝ පාඩම් ඉගැන්නුවා. මොනතරම් බලකාමී වුණත් අමෙරිකාවට කොරෝනා වෛරසය ඉදිරියේ දණ ගැසීමට, ලෝකෙයෙන්ම ආධාර ඉල්ලීමට සිදු වුණා.

මිනිසුන්ට අමතක වී තිබුණු දෑත් සබන් ගා සේදීමේ යහපත් සනීපාරක්ෂක පුරුද්ද යළිත් ජීවිතයට එක්කර ගත්තා. මුදලින් සියල්ල මනින ලොවක චීනය වැනි ලෝක බලවතා වීමට වෙර දරන රාජ්‍යය පවා රෝහල් වලින් ලැබෙන මුදල් නෝට්ටු දවා අළු කිරීමට පවා පෙලඹුණා. මේ අතර රෙජක් වුණත් ලෙඩෙක් වුණොත් මොන තරම් අසරණ වෙනවා ද කියන දෙය මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාගෙන් සහ එරට ඔටුන්න හිමි චාල්ස් කුමරුගෙන් ලොවටම සනාථ වුණා. දෙවැනි එළිසෙබත් මහ රැජනටත් චාල්ස් පුතු නිසා නිරෝධායනය වීමට ලක්වීමට වූයේ සියලු සැපතට වඩා නීරෝගි සුවය අගනා නිසයි. චාල්ස් කුමරුට නව කොරෝනා වෛරසය ආසාදිත බව දැන ගැනීමට ලැබුණේ මාර්තු 24 වැනි දිනයි. අවසන් වරට කුමරු මවු රැජන මාර්තු 12 වැනිදා ඉතා කෙටි වේලාවකට හමුවී තිබෙනවා. එපමණක් නොව මහ රැජන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මාර්තු 11 වැනිදා හමුවී තිබෙනවා. රැජනට ආහාර පාන රැගෙන එන ඇයගේ සුනඛයන් ඇවිද්දවන, රාජ්‍ය ලියකියවිලි ලබා දෙන සේවකයකු ද මීට පෙර රෝගයට ගොදුරු වී ඇති බව අනාවරණය විය. මේ අනුව රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇතත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වෙයන් පසුවෙන අලුත්ම ආරංචි මාර්ග වලින් දැක්වෙනවා.

රැජනවත් ඇයෙග් සැමියා පිලිප් කුමරුවත් කොවිඩ් - 19 සඳහා පරීක්ෂාවට ලක්වූ බවක් නම් දැන ගැනීමට ලැබී නැහැ. රැජන සැමියා සමඟ වින්ඩ්සර් මාලිගයේ සිටියත් දෙන්නා ඉන්නේ වෙන වෙනම. ලේ ඥාතීන්ටවත් රැජන මුණ ගැසෙන්න අවසර දෙන්නේ නැහැ. රැජනගේ සේවක පිරිසත් සීමා කරලා. රැජනගේ වඩාත් විශ්වාසවන්ත ආදරණීය සේවකයන් දෙද‍නෙකු පමණක් සේවයෙහි යෙදී සිටිනවා. රැජනගේ 94 වැනි උපන් දිනය අප්‍රේ‍ල් 24 වැනි දිනට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් ජූනි 13 වැනිදා ලන්ඩනය හරහා වර්ණවත් පෙරහරකින් වාර්ෂිකව මෙය සැමෙරනවා. එහෙත් මෙවර ටෲද කලර්ස් නම් ඒ සාම්ප්‍රදායික චාරිත්‍රය නවතා දැමීමට සිදුවෙලා. මේ උත්සවයට අධික ජනකායක් ඒක රාශි වීම ඊට හේතුවයි. රැජන මේ ගැන පුංචි දුකකින් සිටින බව ආරංචියි. කොහොම වුණත් රැජන එක් දෙයක් ගැනනම් සිටින්නේ සතුටින්.ඒ දෙවසරකට පමණ පසු රැජනටත් සැමියා පිලිප් කුමරුටත් නැවත කොරෝනා නිසා එක් වහලක් යට දිවි ගෙවීමට ලැබීම නිසයි. පිලිප් කුමරු 2017 දී මහජන කටයුතුවලින් විශ්‍රාම ගත් පසු වාසය කළේ වුඩ් ගොවිපොළේ සැන්ඩඩ්‍රෙින්ම් වත්තෙයි.කොරෝනා නිසා චාල්ස් කුමරු තනි වුවත් මාපියන්දෙපළට යළි එක්ව වාසය කිරීමට ඉඩ ලැබිලා. මේ වසරේ නොවැම්බර් 20 වැනිදා ඔවුන් 73 වැනි විවාහ සංවත්සරය සැමරීමට නියමිතයි.

බියට්‍රිස් කුමරිය අවාසනාවේ කුමරිය වෙයි

බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන නව වැන්නිය ඇයයි. ඇය පෙමින් බැඳී සිටින්නේ එඩොර්ඩොමාපේලී මොසී නම් ව්‍යාපාරිකෙයක්. ඔහු කලින් විවාහ වී සිටියේ ගෘහ නිර්මාණ ශිල්පිනියක්වූ දාරා හුවැං සමඟයි. ඔවුන් දෙදෙනාට කුඩා පුතකු සිටිනවා. දාරා සමඟ බැඳී පෙම බිඳ වැටුණු පසු ළමා වියේ සිට දන්නා හඳුනන බියට්‍රිස් කුමරිය සමඟ විවාහ වීමට ඔහු තීරණය කළා. දෙන්නා පසුගිය සැප්තැම්බරයේදී විවාහ ගිවිස ගත්තා. විවාහය රාජකීය අසිරියෙන් මැයි 29 වැනි දින පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබුණත් කොරෝනාව ඊට හරස් වීම නිසා 2021 දක්වා විවාහය කල් ගිහින්. ඇන්ඩෘ කුමරුගේත් සාරා ෆර්ගසන්ගේ වැඩිමල් දියණිය වන බියට්‍රිස් කුමරියගේ විවාහයට මීට පෙර දෙවතාවකදී බාධා සිදුවුණා. ඒ නිසා ඇයට ලෝකයේ අවාසනාවන්ත කුමරිය යන නම පටබැඳීලා.

චාල්ස් කුමරු සුව අතට

චාල්ස් කුමරුට කොරෝනා වැලඳී තිබුණ ද සුළු රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම රජ පවුලට මහත් අස්වැසිල්ලක් වෙලා. මේ දිනවල ඔහු ස්කොට්ලන්තෙය් බර්ක්හෝල්හි රතු ලේන්නුන්ට ඇවර්ග කවමින් බිත්ති තුරු ලතා මඬුලු මැද සතුටින් කාලය ගතකරනවා. කැමිලා පාකර්ට රෝගය වැලඳී නැහැ. ඇය ක්ලැරන්ස් මන්දිරයේ වෙනම වාසය කරනවා. චාල්ස් කැමිලාගේ 15 වැනි විවාහ සංවත්සරය අප්‍රේල් මාසයට යෙදී තිබෙනවා.

 

අන්තර්ජාලෙයනි