නිළියකගේ මුළුතැන්ගෙට එබී බලමු

ජූලි 8, 2020

‘කටට රසට ඇඟේ අතින්’ අදින් ඇරැඹෙන අලුත්ම විශේෂාංගයයි. අපේ රටේ ජනප්‍රිය කාන්තාවකගේ දැතින් පිළියෙල වන රස මසවුලක් පිළියෙල කරගන්නා ආකාරය පාඨක ඔබට ඉදිරිපත් කරන්නයි මේ සූදානම. සිංහල සිනමාවේ ජනප්‍රිය නිළි සංගිීතා වීරරත්නගේ දෑතින් හැදෙන ‘ෆ්‍රයිඩ් රයිස්’ එකක් මුලින්ම අද අපි ඔබට තිළිණ කරන්නෙමු.

සංගීතා ගැන අටුවා ටිකා කීමට ඇවැසි නැත. ඇගේ සිනහව මනරම්ය. ඒ මනරම් සිනහව තව තවත් ආකර්ෂණීය වන්නේ සිනාසෙන විට ඇගේ කම්මුල් දෙපැත්තේ අපි වසඟ කරන ඩිම්පල්ස් එහෙමත් නැතිනම් කම්මුල්වල ගැසෙන ප්‍රාතිහාර්යයයි. එසේ නම් පියවරෙන් පියවර බලමු රංගනයට එහා ගිය ඇගේ ඉවුම් පිහුම් කලාවේ ප්‍රාතිහාර්යය.

සංගීතා, හාපුරා කියා අද ඇරැඹෙන විශේෂාංගයෙන් මොනවද ඔයා ‘තරුණී’ පාඨකයන්ට හදන්න යන්නේ?

මේක මටම ආවේණික වූ ‘ෆ්‍රයිඩ් රයිස්’ එකක්.

විස්තර කරන්නකෝ එහෙනම්...

මම මුලින්ම බත් එක හදාගන්නවා.

මොනව ද ගන්න හාල් වර්ගය? බාස්මතීද, කිරි සම්බාද?

මම ගන්නේ කිරි සම්බා. රයිස් කුකර් එකට හාල් ටික දාලා ඒකට බටර් පොඩ්ඩක් දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරනවා. එනසාල්, කරාබු නැටි, කුරුඳු සහ ගම්මිරිස් ඇට යාන්තමට තළාගෙන පිරිසුදු රෙදි කැබැල්ලක පොට්ටනියක් හදලා හාල් එකට එකතු කරලා බත් එක ඉදෙන්න හරිනවා.

ඊට පස්සේ?

බත් එක ඉදෙනකම් හීනියට කපාගත් කුකුළු මස් ග්‍රෑම් 300 කට ගම්මිරිස් කුඩු තේ හැන්දක්, සෝයා සෝස් මේස හැඳි 1 ක් එකතු කරනවා. මම සාමාන්‍යයෙන් ලුණු පාවිච්චි කරනවා අඩුයි. තව මිරිස් කුඩු තේ හැඳි බාගයක් විතර එකතු කරනවා. මේක විනාඩි 20 ක් විතර පදම් වෙන්න තියෙනවා.

 

 

2020/07/08 තරුණි පුවත්පත බලන්න.