සරාගේ චරිතය වෙනුවෙන්මගේ උපරිම විසේ එළියට දැම්මා

සජිත අනුත්තර ඇන්තනී
මාර්තු 17, 2021

 

කොරෝනා සුවවුණු සජිත ආයෙත් වැඩ පටන් අරන්

 මගේ පෙනුම අප්පච්චිට සමාන කරද්දි ආඩම්බරයක් දැනෙනවා

ඇන්තනී පවුලේ බාලයා හෙවත් සජිත අනුත්තර ඇන්තනී නැවතත් ටෙලි කරළියට ඇවිත්.

රංගනයෙන්, ගායනයෙන්, නිවේදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් කලාවට දායක වෙන ඔහු ටෙලි සටන ඇරැඹුවේ ‘බොහිමියානුවෝ’ හි රස්තියාදුකාර පෙම්වතාගේ චරිතය තුළින්. මේ අපූරු තරුණයා අද ‘නාඩගම්කාරයෝ’ හි සරා වෙලා. ඒ නිසාම සරා නමැති නහරකාරයා දැන් කා අතරත් සුවිශේෂි චරියක්.

පසුගිය දිනවල කොවිඩ් රෝගය වැළදී නිවාස අඩස්සියේ සිටි සජිත අනුත්තර නැවතත් වැඩ අරඹලා කියන ආරංචිය සමඟ ඔහුගේ අලුත්ම තොරතුරු ගැනයි මේ කතාබහ.

නිවාස අඩස්සියෙන් පසු කාර්යබහුල වෙලාද?

කෝවිඩ් පොසිටිව් වුණ නිසා මටයි බුවිනිකාටයි දවස් 14 ක් නිසා අඩස්සියේ ඉන්න සිදුවුණා. ඒ කාලයේ විවේකිව ඉන්න තමයි තිබුණේ. ඒක හරියට ම නිවාඩුවක් ලැබුණා වගේ. දැන් නම් හරිම කාර්යබහුලයි.

නාඩගම්කාරයෝ නොසිතූ විදිහට හිට් වුණා නේද?

අසීමිත ප්‍රතිචාර තුළ නාඩගම්කාරයෝ මම ජයග්‍රාහී ගමනක් යන්න අරන්. ෆේස්බුක් හරහා එයට ලැබෙන ප්‍රතිචාර හරිම අරුත්බරයි. ඒ වගේම ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් එහි චරිත විවිධ ආකාරයට චිත්‍රයට නඟන්නත් අරගෙන තියෙනවා.

සරාගේ චරිතය ඔවුනට ලොකු වින්දනයක් වෙලා. ඒ තරමට හැමෝම සරාට ආදරය කරනවා. ඒ වගේම නාඩගම්කාරයෝ ටෙලියේ පළමු කොටසේ සිට මේ වන තෙක් විකාශය වූ සියලුම කොටස් යූ ටියුබ් ට්‍රෙන්ඩින් ලැයිස්තුවේ ඉහළටම ඇවිත් තියෙනවා.

සරාගේ චරිතය ගැනත් ටිකක් කතා කරමු.

සද්ධාමංගල සූරියබණ්ඩාර නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය පිටපත ලියන කොටම සරාගේ චරිතයට මාවම කවදාහරි ගන්නවා කියලා හිතාගෙනමලු මේක ලිව්වේ. මට ‍මෙතෙක් ලැබුණේම අහිංසක ප්‍රේමවන්තයාගේ චරිත. ඉතින් සරා වගේ කේන්ති යන නහරකාරයෙක්ගේ චරිතයක් මට අභියෝගයක් වුණා. සරා කියන්නේ කසිප්පු පෙරන, කේන්ති යන නහර වැඩි චරිතයක් වුණාට ඔහුගේ ඇතුළාන්තයේ අහිංසක පරාර්ථකාමී ප්‍රේමවන්තයෙක්, කලාකරුවෙක් ඉන්නවා.

සරා දිහා බලලා සමහරු කියන්නේ සජිත හරියට ජැක්සන් ඇන්තනී වගේ කියලා...

මං ළඟ තියෙන්නේ අප්පච්චිගේ ජානනේ. ඒ නිසා මගේ පෙනුම, කතා කරන විදිහ අප්පච්චිට සමාන වෙන්න පුළුවන්. චරිතය කරන්න කලින් අප්පච්ගේ් ගම් පළාත වූ රාගම පොඩිකුඹුරේ පරණ මිතුරන්ව මම අධ්‍යයනය කළා. ඔවුන් කතා බහ කරන විදිහ, ඇවිදින විදිිහ මම බලං හිටියා. අප්ච්චිත් ඔහුගේ තරුණ කාලේ ඇතැම් චරිත කරද්දී ඒවායේ ආභාශය ගන්න ඇති. සරාගේ චරිතය වෙනුවෙන් මම උපරිම විසේ එළියට දැම්මා. මාව අප්පච්චිට සමාන කරද්දී ආඩම්බරයක් දැනෙනවා.

රංගනය නිසා ගායනය මඟහැරෙයි ද?

‘ස්වර්ණපාලියේ’ ගීතයෙන් තමයි ම‍ගේ ගායනය පටන් ගත්තේ. ඊට පස්සේ ‘මිහිරාව ආවා‘ ගීතය කළා. පවුලේ ඔක්කොමත් එක්ක ‘ආදරය’ ගීතය කළා. මෑතකදී මම එළිදක්වපු ‘කළුවර’ ගීතයට වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. කළුවර ගීතටය අධ්‍යක්ෂණයෙන් වගේම තනු නිර්මාණයෙනුත් දායක වුණා. ඉතිං දවසක මගේම ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ කරන්නත් හිතාගෙන ඉන්නවා. ‍මේ හැම දේටම මට සෙවනැල්ල වගේ ඉන්‍නේ ම‍ගේ බිරිය බුවිනිකායි පවු‍ලේ අයයි.

ඉදිරි සැලසුම් ගැන කිවුවොත්...

ප්‍රසන්න විතානගේ ගේ ගාඩ්, අප්පච්චිගේ ‘එකගෙයි සොකරි’, සශික හේරත්ගේ ‘සිහින සමිකරණය’, චන්න දේශප්‍රියගේ ‘ද්‍රශ්‍රා’ චිත්‍රපට ඉදිරියේදි තිරගත වීමට නියමිතයි. ඒවා තිරගත වීම ප්‍රමාද වුණේ කොවිඩි තත්ත්වය නිසා. මගේ ‘සජ් ක්‍රියේෂන්’ ආයතනයටත් නිර්මාණ කිහිපයක් ලැබිලා තියෙනවා අධ්‍යක්ෂණය කරන්න.

නාඩගම්කාරයෝ සහ අඳුන්ගිර ටෙලි නාට්‍යවල රුපගත කිරීම් කරගෙන යනවා. දෙරණ නාළිකාවේ සරිගම ක්‍රොස් ඕවර් රියැලිටි වැඩසටහ‍නේ නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. ඒ වැඩකටයුතු එක්ක ප්‍රේක්ෂකයන්ට වෙනස්ම දේවල් ලබාදෙන්න තමයි මම සැමවිටම උත්සාහ කරන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.