අනාගතය ගැන සිතා සැලසුම් කළ අලංකාර තනි මහලේ නිවෙසක්

ජූලි 24, 2019

ගෘහ නිර්මාණ ශිල්පය සියුම් කලාවකි. එය වඩාත් සාර්ථක කර ගැනීමට සේවාදායකයාගෙන් ලැබෙන සහයෝගය වඩාත් වැදගත්ය. නිවෙසක් සාදන්නේ ඔබට ජීවත්වීමටය. එය ඔබට ගැළපෙන ලෙසින් සෑදීමට ගෘහ නිර්මාණ ශිල්පියා ඔබගේ රුචි අරුචිකම් හා අදහස් සැලකිල්ලට ගත යුතුමය.

මෙවර ඔබට තිළිණ කරන නිවෙසේ සැලසුම නිර්මාණය වී ඇත්තේ ද සේවාදායකයාගේ අදහස් හොඳින්ම හඳුනාගනිමිනි.

අනුෂ්ක ජයසුන්දර පර්චස් 7 ක කුඩා ඉඩමක් මිලදී ගත්තේ රාජගිරිය ප්‍රදේශයෙනි. ඔහුගේ ආර්ථික පසුබිම අනුව විශාල දෙමහල් නිවෙසක් තැනීමට තරම් මුදලක් අත නොවෙයි.

මෙය මැනවින් ගෘහ නිර්මාණ ශිල්පියාට ද ඔහු පැහැදිලි කළේය.

ඒ අනුව ඔහු තීරණය කළේ අනුෂ්කගේ පවුලේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව අනුව තනි මහලේ කුඩා නිවෙසක් තැනීමටය. එහෙත් අනාගතයේ දී දෙමහල් නිවෙසක් ලෙසින් වෙනස් කිරීමේ හැකියාව ද තිබෙන අයුරින් සැලසුම නිර්මාණය විය. මෙම නිවෙසේ මූලික කටයුතු සඳහා වැයවන මුදල ලක්ෂ 60 කි.

එසේම මෙය නිවෙසක් ලෙසින් සියල්ලම අංග සම්පූර්ණ අයුරින් නිර්මාණය කර ඇත්තේ ඉතාම ආකර්ෂණීය ලෙසිනි.

මෙම නිවෙස තැනීමේදී වඩාත් වැදගත් වන්නේ මෙය තැනීම සඳහා යොදන අත්තිවාරමයි.

 

උපදෙස්
කුරුණෑගල කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය
මහින්ද ඒකනායක


2019/07/24 තරුණි බලන්න