මනරම් මල් රටා ගෙන එයි හැඩ රටා

සැප්තැම්බර් 4, 2019

වර්ණ කීපයක කැරැලි නූල් භාවිත කොට මනරම් ආකාරයෙන් ගෙත්තම් කළ නිර්මාණ කීපයකි මේ. බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කලාවෙන් හැඩවී ඇති මේ නිර්මාණ,නිර්මාණය කළේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනලි චමත්කා රණසිංහයි.

ඇයට සහජයෙන් ලැබුණු නිර්මාණ හැකියාව තවත් ඔපමට්ටම් කරගැනීමට පාසලෙන් ලැබී ඇත්තේ මහත් පිටිවහලකි.

මේස රෙද්ද

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

අවශ්‍ය වර්ණවලින් කොට්න් කැරැලි නූල්

අඟල් 16 එම්බ්‍රොයිඩරි රාමුව

ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක්

ටිෂූ කොළයක්

ටැපැස්ට්‍රි ඉඳි කටු

මල් මහන ඉඳි කටු

නිර්මාණය කිරීම

පළමුව මෝස්තරය ඔබට අවශ්‍ය ප්‍රමාණයට විශාලකර ටිෂූ කොළයක් මත ඇඳගන්න. ඉන්පසු එය කාබන් කොළයක් මඟින් රෙද්ද මත ඇඳගත යුතුයි.

ඡායා 
ටෙනිසන් එදිරිසිංහ

2019/09/04 තරුණි බලන්න