කදිම රටා ගෙන එන මල්

සැප්තැම්බර් 4, 2019
කදයි කමල් නැත්නම් කමල් කදයි ලෙස හැඳුනුම් ලබන මෙම මැහුම් කලාව ඉන්දියාවේ බිහි වූවකි. විශේෂයෙන්ම ඉන්දියාවේ අන්ද්‍රා ප‍‍්‍රදේශයෙන් එම්බ්‍රොයිඩරි කලාවට උරුම වූවකි. 
කුර්තා, ගවුම්, සාරි, කුෂන්, බෑග් ආදියට මනරම් පෙනුමක් ගෙන දෙන්නට කදයි කමල් රටාවලට පුළුවනි. අද අපි එවැනි සරල කදයි කමල් රටාවකට ජීවය දෙමු. 
 
අවශ්‍ය ද්‍රව්‍ය හඳුනා ගන්න
කදයි කමල් රටාවල මූලික මැස්ම වූවන් ටෙ‍‍්‍රලීස් මැස්මයි. මෙය නීඩ්ල් විවීං ක‍‍්‍රමයේ මැස්මකි. මෙහිදී භාවිත කරන්නේ කෝන් නූල් නම් ඝනකම් නූල් විශේෂයක් වුවද ඔබට ඒ වෙනුවට කැරැලි නූල් හෝ ඩීඑම්සී නූල් භාවිත කළ හැකියි. රෙදි සඳහා  ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. මෙහිදී විශේෂයක් වන්නේ මෝස්තරවලයි. ඒ නිසා අපි කදයි කමල් රටා නීඩ්ල් විවීං ක‍‍්‍රමයෙන් ජීවය දීමට සුදුසු මෝස්තර සොයාගත යුතුයි. 
 
මෝස්තරය මසන ආකාරය
පළමුව රෙදි කොටස අවශ්‍ය නම් සෝදා වියළා පසුව අයන් කරගන්න. දැන් මෝස්තරය අවශ්‍ය ප‍‍්‍රමාණයට විශාල කර රෙදි කොටසට ඩෙ‍‍්‍රස් මේකිං කාබන් කොළයක් තබා පිටපත් කරගන්න. පසුව රෙදි කොටස රාමුවට දමා තද කරගන්න. පළමුව එක් මල් පෙත්තක් ගන්න. දැන් අංක 1 රූපයේ දැක්වෙන ආකාරයට ඒ, ඕ, ඛ් ලෙස ලකුණු කරගන්න. නැත්නම් එය හිතට ගන්න. අකුරු දමාගැනීම අවශ්‍ය නැති අතර එය ඔබට පහදා දීමට දමා ඇත. මෙය තට්ටු එකක පෙත්තකි. එය මෝස්තරය අනුව වෙනස් විය හැකියි. 
් ඉඳීකටුවට නූල අමුණා ගන්න. දැන් මල මැද රවුමේ සිට අංක ලකුණු කරගත් ස්ථානවලට කෙළින් මැහුම් බුරුලට දමාගන්න. මෙහිදී කෙළින් මැහුම් තුනක් දමා ගත යුතුයි. දැන් නැවතත් පළමු මැස්ම මැසූ තැනට සමීපයෙන් එයට පිටතින් ඉඳීකටුව උඩට ගෙන පෙර දැමූ කෙළින් මැහුම් අතරින් එකක් යටින් එකක් උඩින් නූල වියමනක් සෑදෙන ලෙස ගෙන යන්න. අනෙක් පස සිට නැවත ආපස්සට එලෙස ගෙනයන්න. මෙහිදී හිඩැස් නොසෑදෙන ලෙස නූල ගෙන යාම කළ යුතුයි. එමෙන්ම රෙද්දට නූල නොවැදෙන ලෙස විවීම කරගත යුතුයි. අවසානයටම මසා අහවර වූ පසු නූල රෙද්දේ යටට ගසා නොගැළවෙන ලෙස ගැටයක් දමා පිටුපසින් මසාගත යුතුයි. මෙලෙස සියලු පෙති මසා ගත යුතුයි.
සිතට ගත යුතු දේ 
 
2019/09/04 තරුණි බලන්න