මල් බඳුන් රටා වලින් ගෙමිදුලට කලඑළියක්

ඔක්තෝබර් 2, 2019

චමත්කාරජනක ගෙඋයන ඔබේ සොඳුරු කැදැල්ලේ පෙනුමට අපූරු වටිනාකමක් එකතු කරාවි. ඒ නිසාම නිවෙසකට කදිම ගෙඋයනක් නිර්මාණය කරගත යුතු අතර එහි ප්‍රායෝගික ක්‍රමවේදය පිළිබඳ පසුගිය සතියේ අපේ කතාබහට ලක් විය.

එබැවින් අද අපි ගෙමිදුලේ අලංකරණයට මල් බඳුන් එකතු කරනා ආකාරය සොයා බලමු.

විවිධ ක්‍රමවේද

නිවෙසක අභ්‍යන්තරය මෙන්ම අවට පරිසරය අලංකාර කිරීම සඳහා විවිධ ක්‍රමවේද අනුව මල් වැවීම සාමාන්‍ය සිරිතයි. මෙහිදී ලොකු - කුඩා වශයෙන්, රවුම් - හතරැස් ආදී හැඩ අනුව, උස් - මිටි ප්‍රමාණ අනුව ගෙමිදුලේ හෝ බඳුන්ගතව, ආධාරකයක් මත තබන හෝ එල්ලෙන බඳුන් ලෙසින් එහෙමත් නැතිනම් මැටි, සිමෙන්ති, ටයිටේනියම්, ප්ලාස්ටික්, ලී, ලෝහ වැනි මාධ්‍ය භාවිතයෙන් සැකසූ මල් බඳුන් ආදී වශයෙන් විවිධාංගීකරණය වූ මල් එකතුවක් ඔබේ ගෙමිදුලට සේම ගෙතුළට ද එකතු කළ හැකියි.

මේ ඕනෑම ක්‍රමවේදයක් භාවිත කළ ද බඳුනක ශාක පැළෑටියක් සිටුවා ගැනීමෙන් අප බලාපොරොත්තු වන්නේ අපේ ගෙඋයන චමත්කාරවූත්, සුන්දරවූත් ස්ථානයක් බවට පත්කර ගැනීමයි. ශාක පත්‍රවල සේම මල්පෙතිවල විවිධ රටා එයට තවත් ආලෝකයක් එකතු කරනු ඇත. එමෙන්ම මල්වල සහ පත්‍රවල ඇති විවිධ හැඩතල ද ඔබේ ගෙමිදුලට අතිරේක සුන්දරත්වයක් එක්කරාවි.

වර්ණවත් බඳුන්

වර්තමානයේ නවතම විලාසිතාව බවට පත්ව ඇත්තේ වර්ණවත් තීන්ත ආලේපිත බඳුන්වල මල් වැවීමයි. දේදුනු වර්ණයෙන් අලංකෘත මේ බඳුන් ඔබේ ගෙමිදුලට අපූරු කලඑළියක් රැගෙන එන අතර ඉඩකඩ ඇති පරිදි තැනින් තැන රඳවා තැබිය හැකියි.

ඊට අමතරව තරමක් විශාල මැටි බඳුන් තුළ බහා තැබිය හැකි මල් බඳුන් වලින් ද කදිම සුන්දරත්වයක් එක්කරයි. මෙවැනි බඳුන් අලංකාර බවින් වැඩි නිසා මලින් බර නොවූවද සුන්දරත්වයේ අඩුවක් නොවේවි.

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ

රංජිත් කළුආරච්චි

2019/10/02 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.