තාවකාලිකව සකස් කරගත හැකි පොකුණු

ඔක්තෝබර් 23, 2019

 

සොඳුරු ගෙඋයන තව තවත් චමත්කාරයෙන් පුරවන උද්‍යාන අංගයක් වූ පොකුණක් සාදා ගැනීම පිළිබඳයි පසුගිය සතියේ අපේ කතාබහට ලක්වූයේ. එහිදී ස්ථාවර අංගයක් ලෙස සිමෙන්ති බදාමයෙන් පොකුණක් තනන ආකාරය පියවරෙන් පියවරට අපි ඔබට ඉදිරිපත් කළෙමු.

නමුත් ස්ථාවරව තනන මේ පොකුණ වෙනස් කිරීමට ඔබට යම් අවස්ථාවක අවශ්‍ය වුවහොත් හෝ ඊට වඩාත් සුදුසු යැයි වැටහෙන වෙනත් ස්ථානයක් ඇතිබව පසුව තේරුම් ගියහොත් මේ ස්ථාවරව තැනූ පොකුණ වෙනස් කිරීමට අපහසු වේ. නමුත් ස්ථාවර පොකුණක් වෙනුවට තාවකාලිකව ගොඩනැඟූ පොකුණක් සකසාගෙන තිබුණේ නම් ඔබට එය ගැටලුවක් නොවේවි. එබැවින් අද අපි තාවකාලිකව සකස් කරගත හැකි පොකුණු පිළිබඳ දැනගනිමු.

 

 

තාවකාලික පොකුණු

තාවකාලික පොකුණක් යැයි අප නමින් සඳහන් කළ ද එහි ස්ථාවර පොකුණක දක්නට ලැබෙන සුන්දරත්වය ඒ ආකාරයෙන්ම පවතින පරිදි සකසා ගැනීම හරහා ගෙමිදුලට නොමඳ සුන්දරත්වයක් එකතු කරගත හැකි වේ.

අවශ්‍ය අමුද්‍රව්‍ය

අප ප්‍රථමයෙන්ම මෙවැනි පොකුණක් සකසා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාදැයි බලමු.

* ඝනකම් කළු පැහැති පොලිතින්

(සතුනට පහසුවෙන් විනාශ කළ නොහැකි ගේජ් එක තරමක් වැඩි ඉටි රෙදි මේ සඳහා සුදුසුය.)

* වැලි

* මඩ පිරවූ බඳුන් කිහිපයක්

* ඕලු, නෙළුම් වැනි ජලජ ශාක කිහිපයක්

දොළ ගල් හෝ සකස් කරගත් ගල්

(ස්වාභාවික ගලක් මෙන් පෙනෙන ආකාරයට කෘත්‍රිම කළුගල් සකසා ගැනීම ගැන ඉදිරි සතියකදී පැහැදිලි කෙරේ.)

* ජලාශ්‍රිතව වැඩෙන වැල් වර්ග සහ පන් වර්ග, මීවන ශාක

* රබර් ජලනළයක්

* උදැල්ලක් සහ සවලක්

 

 

 

 2019/10/23 තරුණි බලන්න..............

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ

රංජිත් කළුආරච්චි