පුංචි ඉඩමකට පුංචි නිවහනක් පර්චස් 5-6 කට කදිමට ගැළපේවි

ඔක්තෝබර් 30, 2019

නිවෙසක් තැනීම තීරණය වන්නේ අපේ ආර්ථික මට්ටම අනුවය. අපට ගැළපෙන නිවාස සැලසුමක් නිර්මාණය කරගන්නේ ද එය සාර්ථක කරගැනීම සඳහායි.

එහෙත් බොහෝ දෙනකු මේ මූලික සාධකය ගැන නොසිතති. ඔවුන් නිවෙසක් තැනීමට පෙර සැලසුමක් නිර්මාණය කරයි. එය තමුන්ගේ ආර්ථිකය අනුව විශාල ප්‍රාග්ධනයක් වැයවන නිවෙසක් වූයේ නම් විශාල ගැටලුවකි.

බුද්ධිමත්ව සිතන පතන ඔබට මෙය එතරම් ගැටලුවක් නොවේ. ඔබට ගැළපෙන පුංචි නිවහනක් නතාගෙන සිතේ සැනසිල්ලේසිටින්නට හැකි නම් එය විශාල ජයග්‍රහණයකි. මේ අභියෝගය පුංචි නිවහනක් තනාගැනීමට හැකිනම් එය කෙතරම් වාසනාවක් ද?

අප මෙවර ඔබටට තිළිණ කරන සැලසුම ද එවැන්නකි. පර්චස් 5.5 ක් තරම් කුඩා ඉඩමක පවා තැනීමට හැකි මේ නිවෙස ඉතාම සරලය. ඕධය බරනඥ නිවෙසක් ලෙසින් ඉතාම ජනපි‍්‍රය වූ මෙම සැලසුම සාදා නිමකර ගැනීමට ලක්ෂ හතළිස් පහක් පමණ මුදලක් වැය වෙයි. අලුත්ම කාලයේ නවීන අංග ඇතුළත්ව තැනූ මෙම නවෙස පුංචි පවුලකට කදිමටම ගැළපේවි.

උපදෙස්

කැදැල්ල හෝම්ස් හි

අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

 

දුමින්ද කාරියවසම්

2019/10/30 තරුණි පුවත්පත බලන්න