ගෙඋයනේ නෙත ගැටෙන පළමු ස්ථානය ලස්සන කරමු

ඔක්තෝබර් 30, 2019

සිත නිවන, ගත නිවාසනහාලන සොඳුරුම කෙම්බිම තමා සතු කරගන්නට කවුද අකැමැති. විශේෂයෙන්ම දුක් මහන්සියෙන් තනාගත් අපූරු කැදැල්ලේ චමත්කාරයට ගැළපෙන්නට සේම, නිවී සැනසිල්ලේ විඩා නිවන්නට සුන්දර ගෙඋයනක් නිර්මාණය කරගන්නටයි අපි කාගේත් කැමැත්ත.

ඒ අපූර්ව උද්‍යානය සකසා ගැනීම සඳහා එකතු කළයුතු අංගෝපාංග ගැනයි මේ දිනවල අපේ කතාබහට ලක්වන්නේ.සාමාන්‍යයෙන් ගෙවත්තක් නිර්මාණය කිරීමේදී අපගේ අවධානය යොමු කළ යුතු ස්ථාන කිහිපයක්ම වේ. නිවෙසට පැමිණෙන පිටස්තරයකු එනම් අමුත්තකුගේ නෙත ගැටෙන පළමු ස්ථානය එයින් එකකි. එය බොහෝවිට නිවෙසට ඇතුළුවන ගේට්ටුව අසළ විය හැකියි.

කාලය ගතකරන ස්ථානය

අනෙක් ස්ථානය වන්නේ ඔබ විසිත්ත කාමරයේ, ආලින්දයේ හෝ දවසේ වැඩි වේලාවක් කාලය ගතකරනා ස්ථානයයි. ඊට අමතරව ඔබ ගෙවත්තේ ගිමන්හලක් තුළ හෝ බංකුවක් මත වැඩිපුර වේලාවක් කාලය ගෙවන්නේ නම් එම ස්ථානය ද මෙයට ඇතුළත් වේ.

කැපී පෙනෙන තැන්

පළමුවෙන්ම ඔබ මෙම ස්ථානය වෙත ගොස් එම ස්ථානයට අදාළ වටපිටාව දෙස විමසිල්ලෙන් බලන්න. එහිදී ඔබේ නෙත ගැටෙන දර්ශනය තුළ විශේෂ ස්ථාන එකක් හෝ දෙකක් තිබීමට පුළුවන. මෙහිදී එම ස්ථාන එකී දර්ශනයේ කැපී පෙනෙනම ස්ථාන වේ. කෙසේ වෙතත් මෙම ස්ථාන සුන්දර ස්ථාන හෝ අසුන්දර, අවලස්සන ස්ථාන විය හැකියි. කෙනකුගේ ඇසක් දර්ශනයත් හරහා ගමන් කිරීමේ දී ඇස එම දර්ශනයේ ඇති ගැඹුරුතම ස්ථාන කරා එනම් ඈතින්ම පිහිටි ස්ථාන කරා ගමන් කර නැවතීමේ මූලධර්මය මෙහිදී ඔබට සිහිපත් කරමි.

උපදෙස් ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී, ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2019/10/30 තරුණි පුවත්පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.