ගෙමිදුල සුන්දර කරන Interlock Paving stones

නොවැම්බර් 27, 2019

නිවෙසේ ලස්සනට ගෙමිදුල වාගේම නිවෙසට පිවිසෙන මාර්ගයේ අලංකාරයත් වැදගත්. එදා සුදු වැලි අතුරා හැඩ කළ පාර පසුකාලීනව කොන්ක්‍රීට් අතුරා අලංකාර කරන්නට විය. නමුත් අද දවසේ මේ සියල්ල වෙනුවට තෝරාගන්නේ Interlock Paving stones ය. ඉන්ට(ර්)ලොක් ගල් වශයෙන් හඳුන්වන මෙම ගල් වර්ගය ගෙමිදුලට වාගේම නිවෙසටත් අලංකාරයක් ගෙන දෙයි.

එකනෙකට සම්බන්ධ කළ හැකි මෙම ගල් ඇල්ලීමට බොහෝවිට යොදාගන්නේ වැලි හෝ කළුගත් කුඩුය. විවිධ විලාසිතාවන්ට විවිධ වර්ණයන්ගෙන් ඇති නිසා ඔබට කැමැති ලෙස තෝරාගන්න පුළුවන්. මෙහිදී එකම වර්ගයේ ගල් වර්ණ දෙකකින් හෝ තුනකින් ලබාගැනීමෙන් අලංකාර මෝස්තර රටාවන් නිර්මාණයවන ලෙස එම ගල් අල්ලා මාර්ගය හෝ ගෙමිදුල හැඩකළ හැකියි.

සාමාන්‍යයෙන් මෙම ගල් නිර්මාණය කරන්නේ සිමෙන්ති, වැලි, කළු ගල් කුඩු ආදිය යොදාගෙනයි. ගෙමිදුලට හා පිවිසුම් මාර්ගයට අමතරව ඕනෑම එළිමහන් ප්‍රදේශයක බිම ආවරණය කරන්නට මෙම ඉන්ට(ර්) ලොක් පේවිං ගල් භාවිත කළ හැකියි. අද බෙහෙවින් ජනප්‍රිය ඇවිදීමේ මං තීරු හා පදික වේදිකා ආවරණය කිරීමට යොදාගන්නේත් මෙම ගල් වර්ගයි. එය ඔබටත් දැකිය හැකි සුලබ දසුනකි.

 

තොරතුරු ලබා දුන්නේ ඉන්ට(ර්)ලොක් ගල් නිෂ්පාදන ආයතනයක් විසිනි

 

2019/11/27 තරුණි බලන්න