නිදහස හා අවකාශය උපරිමයෙන් ඇති නිවහනක්

ජනවාරි 15, 2020

බලාපොරොත්තු, අපේක්ෂා, සිතුවිලි සැබෑ කර ගන්නට ප්‍රබල අධිෂ්ඨානයක් තිබිය යුතුමය. සෑම පුද්ගලයකුට එම අධිෂ්ඨාන ශක්තියක් උරුමව තිබෙයි.

එම ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට ජීවිතයේ ඉලක්කයක් ද තිබිය යුතුය. තමුන්ටම කියා නිවහනක් තනා ගැනීම ද එවැනි අධිෂ්ඨානයෙන් යුතුව ළඟා කර ගත යුතු ඉලක්කයකි.

ඒ වෙනුවෙන් අපට සැලසුමක් තිබීම ඉතාම ප්‍රයෝජනවත්ය. නිවාස සැලසුමක් නිර්මාණය කළ පමණින්ම එය සාර්ථක නොවෙයි. ඒ සඳහා අපට නිවෙසේ ඉදි කිරීම් සැලසුමට අමතරව මුදල් පරිහරණය සඳහා ද දළ සැලසුමක් තිබිය යුතුය. එලෙසින් සියලු දේ පිළිබඳ සැලසුමක් ඇතිව නිවෙසක් තැනීමෙන් අපගේ නිවහන තනා ගැනීම අසීරු නොවෙයි. නැතිනම් නිවෙස තැනීම අතරමඟදී නවතී. ඇතැම් විට තවත් නොසිතන බාධා පැමිණෙයි. මේ සියල්ලම ජය ගන්නට අවශ්‍ය වන්නේ අංග සම්පූර්ණ නිවාස සැලසුමක් නිර්මාණය කර ගැනීමයි. මෙවැනි අංග සම්පූර්ණ නිවහනක් තනා ගැනීමේදී ඔබේ සිතේ ඇඳි සැලසුමට ගැළපෙන සැලසුමක් අපි තිළිණ කරමු. දෙමහල් නිවෙසක් වූ මෙය සරල ආකෘතියක් අනුව නිර්මාණය වී තිබේ.

 

උපදෙස්

කැදැල්ල හෝම්ස් හි

අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

 

2020/01/15 තරුණි බලන්න