අලංකාර නිවෙසයි වාස්තු බලයයි

පෙබරවාරි 5, 2020

අලුතෙන් ඉදිකරන නිවෙසකට එහි අලංකාරය වාගේම, වාස්තු විද්‍යාව පිළිබඳ සැලකිලිමත් වීමත් අතිශය වැදගත් දෙයක්.

ඒ වාගේම සෑදු නිවෙසක ඇති වාස්තු දෝෂ නිවැරැදි කිරීමේදීත් “වාස්තු ගැළපීම” නිවැරැදිව සිදු කළ යුතු දෙයක්. විශාල පරාසයක දිව යන මෙම විද්‍යාව කිසිම විටෙක ලඝු කරමින් විසඳුම් සොයන්නට නො හැකියි. වාස්තු විශ්ලේෂණයක දී සිදුවන්නේ කාරණාවන් එකිනෙක බැඳුණු ජාලයක් පිළිබඳ සොයා බැලීම සහ දෝෂ සහිත තැන් නිවැරැදි කිරීමයි. එම නිසා මූලිකවම ඔබ දකින කාරණාවන් එකක්, දෙකක් හෝ කිහිපයක් ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් වාස්තු අවශ්‍යතාව නිවැරැදිව ඉටු වෙන්නේ නැහැ. මේ ආකාරයට බොහෝ අය කටයුතු කිරීමෙන් තමාගේ නිවෙස වාස්තු අතින් නිවැරැදිව සාදා ඇතැයි සිතුවත්, ඇතැම් විට බලාපොරොත්තු වූ ප්‍රතිඵල නො ලැබෙන්නේ කාරණා අංගසම්පූර්ණ නොවූ නිසයි. ආවට ගියාට දෝෂ නිවැරැදි කරන්නට යාමෙන් තව දෝෂ කීපයක් එකතු වීමට හැකියාව පවතින බව ද සිතට ගන්න.

අද ලිපිය වෙන්වන්නේ බොහෝ දෙනා වාස්තු විද්‍යාව පැත්තෙන් දෝෂ ඇති කරගන්නා ආකාර කීපයක් ගැන ඔබව දැනුවත් කිරීමටයි.

 

නිවෙසට සුදුසු වර්ග ඵලයක් සාදාගැනීම

ඇත්තටම නිවැසියන්ට යාදෙන කාරණයක් වන නිවෙසේ වර්ගඵලය මුලදී තීරණය කිරීම අනිවාර්යය දෙයක්. ගෘහ පිණ්ඩයටත් මෙහි යම් අනුකුලත්වයක් තිබෙනවා. නිවෙසක් හදන්න යන ඇතැමුන් විසින් සිදු කරන වැරැදි ක්‍රියාවක් ගැන ඔබේ දැනුවත්කම මෙහිදී වටිනවා. එනම්, ඉඩමේ දිග හා පළල මැනගත් සටහනක්, පවුලේ අයගේ කේන්ද්‍ර සමඟ වාස්තුවේදියකු වෙත ඉදිරිපත් කර තමුන්ට ගැළපෙන නිවෙසේ වර්ග ප්‍රමාණය පමණක් ලබා ගැනීම (දිග සහ පළල පමණක්). බොහෝවිට මෙය දෝෂ ඇතිකරන අවස්ථාවක්. මෙසේ ලබාගෙන දෙවනුව මෙම දිග හා පළල ප්‍රමාණය ගෘහ නිර්මාණ ශිල්පියා වෙත ලබාදී නිවෙස තුළ තිබිය යුතු තමාගේ අවශ්‍යතාවන් එම වර්ගඵලය තුළ ගොනු කරන ලෙස ඔහුට පවසයි. නිවෙස තුළ අන්තර්ගත කළ යුතු එම අවශ්‍යතාවන් “වර්ගඵලය” තුළට සිර කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ ඇතැම්විට ඔබ නො දැනුවත්වම වාස්තු විද්‍යානුකුලව මහත් හානියකි. නිවෙසේ දිග, පළල ගැළපුන බව ඇත්තයි. නමුත් එය එක් මුලික දෙයක් පමණයි. දිශාවන් අනුවත්, නිවෙසේ ඇතුළත ස්ථානීය වශයෙනුත් තම අවශ්‍යතා පෙළගස්වා ගත යුත්තේ නිවෙස තුළ අංගෝපාංගයන්ගේ මනා ගලා යාමක් සහිතවයි. උදාහරණයක් ලෙස නිවෙසේ මුළුතැන්ගෙය වඩාත් උචිත ගිනිකොණ දිශාවට වුණත්, ඉඩමේ පිහිටීම මත හා ඊට අනුව නිවෙස සැලසුම් කිරීමේ දී නිවෙසේ සමීපව කිට්ටුවෙන්ට මෙම ගිනිකොණ දිශාව පිහිටන්නට පුළුවන්. දිශාවේ සුදුසු බව පමණක් හිතේ තියාගෙන සැලසුම සිදුකළහොත් ප්‍රායෝගිකව මුළුතැන්ගෙය භාවිත කිරීමේදී යම් යම් අපහසුතා ඇති වෙන්න පුළුවන්. අප භාවිත කරන දේශීය වාස්තු විද්‍යාවට අනුව තවත් එක් දිශාවක් මුළුතැන්ගෙය සඳහා සුදුසුයි. ප්‍රායෝගික බව සහ පහසුව යන කාරණාත් වාස්තු විද්‍යාවට මුසුකළ යුතුයි. මෙසේ කරන ලද නිර්මාණයෙන් පැහැදිලි වන්නේ වඩාත්ම පිළිවෙළකට හා කාර්යක්ෂමව නිවෙසේ වාස්තු කටයුතු සිදු කරගෙන ඇති බවයි. එමනිසා ඔබ කළයුතු වන්නේ නිවෙසේ දිග සහ පළල තුළ පමණක් මුලදීම සිර වෙන්නේ නැතිව අවශ්‍යතාව පරිදි නිවෙසේ කොටස් නිවෙස තුළ පිහිටවිය යුතු ආකාරය ගැනත් අවධානයෙන් කටයුතු කිරීමයි. සිදුවිය හැකි දෝෂ බොහෝමයක් මුලදීම මෙයින් මඟ හැරී යන ප්‍රත්‍යක්ෂ දෙයකි.

 

වාස්තු බලය, බාහිර ඉදිකිරීම්වලින් අඩු නොවිය යුතුයි

නිවෙස තුළ වාස්තු කාරණා උපරිමයෙන් විමසා බලා නිවැරැදි කර ගත්තත්, පිටතින් ඇති දේ නිසා යහපත් ප්‍රතිඵල උදා නොවීම කණගාටුවට කාරණාවක්. ඉඩමක් තුළ යම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කලින් ළිඳ සහ වැසිකිළි වළ කපන නිවැරැදි ස්ථාන ගැන මිමි සටහන් වාස්තුවේදියාගෙන් ලබා ගැනීම බොහෝ අය කරන දෙයක්. එහිදී දිශාව, යාබද ඉඩම්වල ඇති ළිඳ-වැසිකිළි වළේ පිහිටීම, ඉඩමට අනුව දෝෂ නොවන්නට ඒවා කපන තැන යනාදී කාරණාවන් කීපයක් ගැන අවධානය යොමු කරයි.

 

උපදෙස් - සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද,

ආචාර්ය ගයාන් එරමුදුගොඩ

 

2020/02/05 තරුණි බලන්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.