සිහින නිවහනේ විසිත්ත කාමරය සිතැඟි පරිදි සැලසුම් කරගනිමු

පෙබරවාරි 19, 2020

සිහින නිවහනේ සැබෑම ආශ්චර්යය ගෙන දෙනුයේ විසිත්ත කාමරයයි. මීට වසර කිහිපයකට පෙර ඉදිකළ නිවෙස්වල විසිත්ත කාමරය නොහොත් සාලයට වැඩි ඉඩකඩක් ලැබුණත් පර්චස් 5-6 ක ඉදිවෙන නිවෙස්වල ඇත්තේ සීමිත ඉඩකඩක් ඇති විසිත්ත කාමරයි.

Open plan living room

මේ නිසාම විවෘත සැලැස්මකට(Open plan)  අනුව ඉදිවෙන විසිත්ත කාමර දැන් දැන් බහුලවම දැකිය හැකියි. මෙහිදී බොහෝවිට විසිත්ත කාමරයට කෑම කාමරය පෙනෙන පරිදි සකසයි. ඇතැම් විට කෑම කාමරය පමණක් නොව මුළුතැන්ගෙය දක්වාම විසිත්ත කාමරයට පෙනෙන පරිදි සැලසුම් කරයි. මහල් නිවාස, අපාර්ට්මන්ට් ආදිය බොහෝවිට සීමිත ඉඩකඩක ඉදිවන නිසා මේවාහි මුළුතැන්ගෙය හරහා කොරිඩෝවකින් විසිත්ත කාමරයට යන පරිදි සැකසේ.

ගෙහිමියන්ගේ පිළිවෙළ පෙන්වන තැන

සාමාන්‍යයෙන් අප නිවෙසට ඇතුළු වනවිටම ඉස්මතු කර පෙන්වන්නේ විසිත්ත කාමරයයි. මෙය එම නිවෙසේ වෙසෙන්නන්ගේ අනන්‍යතාව පිටතට ඉස්මතු කර පෙන්වන තැනයි. අප කුමන තරාතිරමේ අය ද, කුමන වෘත්තීන්හි නියැළෙන්නන් ද අපේ පිළිවෙළ මේ ආදී සියල්ල විදහා දක්වන්නේ විසිත්ත කාමරයයි.

නිවෙසට පැමිණෙන අමුත්තන් නිවෙසේ වෙසෙන්නන් සමඟ සුහදශීලී කතාබහක නියැළෙන්නේ විසිත්ත කාමරයේ සිටයි.

නිවෙසේ අනෙකුත් කොටස් ඉදිවන්නේ අප නියැළෙන ක්‍රියාව සුවපහසුව කරගැනීමට හැකි අන්දමිනුයි. අලංකාරත්වයට ඇත්තේ දෙවැනි තැනයි. එහෙත් විසිත්ත කාමරයේ දී මුල් තැන හිමිවන්නේ සෞන්දර්යාත්මක බවටයි. ඉඩකඩ අනුව අලංකෘත බව ඉස්මතු කරමින් එය සැකසේ.

විසිත්ත කාමරයක් කියූ සැණින් අපට මැවී පෙනෙනුයේ නවීන පන්නයේ සෝෆාවකි. ඉඩකඩ ඇති වෙන්වුණු විසිත්ත කාමරයක නම් විශාල සෝෆාවක් තැබිය හැකිය. එහෙත් ර්‍ණනඥද නතචද ක්‍රමයට සැකසෙන විසිත්ත කාමරයක ඉඩකඩ සීමාසහිත නිසා එහි තැබීමට සුදුසු වන්නේ කුමන සෝෆාවක් ද යන්න සිතා බැලිය යුතුය.

උපදෙස් - ප්‍රවීණ ගෘහ අලංකරණ ශිල්පිනී

ආචාර්ය

දිලිනි හල්විටිගල

 

ඡායා - ශාන් රූපස්සර

 

2020/02/19 තරුණි බලන්න