නිවෙසක් ඉදිකිරීමේ දී දැනසිටිය යුතු තාක්ෂණික කරුණු

පෙබරවාරි 26, 2020

නව වසරේ නව නිවෙසක සිහින දකින අය බොහෝයි. ඒ සිහිනය යථාර්ථයක් කරගන්න නම් නිවෙස ඉදිකිරීමට අදාළ සියලු පැති පිළිබඳ යම් තරමක හෝ අවබෝධයක් ඔබ සතුවිය යුතුමයි. බොහෝදෙනා නොහිතුවත් තාක්ෂණික කරුණු පිළිබඳ ද ඔබට අවබෝධයක් තිබිය යුතුයි.

එය වඩාත් සුරක්ෂිත හා නිවැරැදි ක්‍රමයට නිවෙස ඉදිකර ගැනීමට මනා පිටිවහලක් සපයයි. එසේ නොවුණහොත් සිදුවන්නේ රැවැටිලිකාරයන්ට හසුවීමටයි.

නිවැරැදි තාක්ෂණය යනු ඉදිකිරීම්වල දී සැලකිල්ලට ගත යුතුම විශේෂ දෙයකි. වාස්තු විද්‍යාවට අනුව එකොළොස් පොරොන්දමෙන් නිවෙසක් වර්ග කර මනා "ආයු කාලයක්" නිවෙසට ලබා දුන්නත්, නිවැරැදි තාක්ෂණයට අනුව එය ගොඩනැගුවේ නැත්නම් කල් පැවැත්ම කෙටි කාලීනය. එම නිසා වාස්තු විද්‍යාවේම කොටසක් වන නිවැරැදි "වාස්තු ඉදිකිරීම් තාක්ෂණය" ගැන දැන සිටීම ඔබට ඉතා වැදගත්. අත්තිවාරම, ගඩොල් තේරීම, බැමි බැඳීම ආදී කාත්ෂණික පැත්තට අදාළවන කරුණූු කිහිපයකි මේ.

කළුගල් අත්තිවාරම

අඟල් 6 ×9 ප්‍රමාණයේ කළුගලින් මූලිකවම නිමකෙරෙන මෙම අත්තිවාරමේ ශක්තිය තවත් වැඩිවෙන්නේ කළුගල් බැම්මේ ඇතුළත හිඩැස් අඩුවූ විටයි. සිමෙන්ති බදාමයෙන් පමණක් මෙම හිඩැස් පුරවා වසා දමන්න හොඳ නැහැ. එය නිර්දේශිත නොවන දෙයක් වාගේම අනවශ්‍ය වියදමක් යන දෙයක්. අඟල් 6×4 ප්‍රමාණයෙන් හා ඊටත් අඩු සක්ක ගල් සමඟ මිශ්‍රව නිවැරැදි සිර කිරීමෙන් පමණයි බැම්ම ශක්තිමත් වෙන්නේ. සිමෙන්ති හා වැලි 1: 5 අනුපාතය නිර්දේශිතයි. අත්තිවාරමේ ගැඹුර වැඩිවෙන තරමට සාපේක්ෂව බැම්මේ පළල වැඩිකළ යුතුයි. ඒ ඉහළ ඉදිකිරීම්වලින් අත්තිවාරමට එල්ල වන පීඩනය අඩු කිරීමටත්, බැම්මේ ස්ව- ස්ථාවරත්වය (ඵඥතට ඵබචඡඪතඪබර) වැඩි කිරීමටත්ය.

 

බිත්ති බැම්ම

මේ සඳහා වැඩිහරියක් භාවිත වෙන්නේ සිමෙන්ති බ්ලොක් ගල්, අඟල් 4 සහ අඟල් 9 පළල ගඩොල් බැම්ම, අඟල් 5 පළල ගඩොල් බැම්ම යන ආකාරයි. මෙයට අමතරව අඟල් 6 සහ 8 පළල කුහර සහිත බ්ලොක් ගල් බැම්මත් දක්නට ලැබේ. මේවායින් ප්‍රධාන ආකාර කීපයක් ගැන විස්තර සලකා බලමු.

 

උපදෙස් ් - සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද, ආචාර්ය

ගයාන් එරමුදුගොඩ

 

2020/02/26 තරුණි බලන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.