පසුබිම සමඟ ගෘහභාණ්ඩවල ගැළපීම හඳුනාගන්න

මාර්තු 4, 2020

නිවෙසක අලංකාරය, පිළිවෙළ ආදී සියලු දේ කියන්නේ ගෘහ අභ්‍යන්තර අලංකරණයේ තරමයි. නවීන පන්නයේ නිවෙසකට නම් තේමාවකට අනුගත වෙමින් ගෘහ අභ්‍යන්තර අලංකරණයේ විවිධ ඉසව් ගළපාගත හැකියි.

විසිත්ත කාමරය නිම කරද්දී එහි පසුබිම පිළිබඳ මූලිකවම සිතිය යුතු වේ. පසුබිම හෙවත් ඕචජඬඨපධභදඤ එක සඳහා අයත්වන්නේ පොළොව. බිත්ති සහ සිවිලිම යි. මේ ත්‍රිත්වය පිළිබඳවම එක හා සමාන සැලකිල්ලක් දක්වමින් විසිත්ත කාමරය පුමුඛව අනෙකුත් කොටස් නිම කරගත යුතු වේ.

නිවෙසේ අප පරිහරණය කරන්නේ ගෘහ භාණ්ඩ යි. මෙම ගෘහ භාණ්ඩ තැබිය යුතුවන්නේ, තෝරාගත යුතුවන්නේ, ගළපාගත යුතුවන්නේ පසුබිමට මුල් තැන දීමෙනි. ගෘහ භාණ්ඩ තබන්නේ පොළොව මතයි. පසෙකින් පෙනෙනුයේ සිවිලිම සහ බිත්තිය.

නිවෙසක පසුබිම සැකසෙන්නේ. ගෘහභාණ්ඩ තෝරා මිලදී ගැනීමට පෙරයි, මේ නිසා පසුබිම සෑදිය යුතුවන්නේ දුර දක්නා නුවණිනි.

පසුතලය සඳහා එනම් පොළොව, බිත්ති, සිවිලිම යන මේ ත්‍රිත්වයම සුදු පැහැයෙන් නිමවේ නම් කියාගන්න බැරි තරමේ ලස්සනක් විිහිදේ.

දැන් දැන් නිවෙස් ඉදිවන්නේ ඉතාම සීමිත ඉඩකඩකයි. මේ නිසා සුදු පැහැය ආදේශ කිරීමෙන් තිබෙන ඉඩකඩත් තරමක් හෝ විශාලකර පෙන්වාවි. එපමණක් නොව අපේ දේශගුණයේ ඇති උෂ්ණත්වය ඒ තුළට පරාවර්තනය වේ.

අවශ්‍ය නම් අපට විසිත්ත

කාමරයට කළු පැහැති ටයිල් ඇතිරිය හැකියි. එහෙත් ඉන් උෂ්ණත්වය උරාගන්නේ නැත. එනිසා පරාවර්තනය වීමක් ද සිදු නොවේ.

මේ නිසා සීමිත ඉඩකඩක් ඇති නානකාමරය වැනි තැනකට කළු පැහැති ටයිල් ඇතිරුවාට විසිත්ත කාමරය, කෑම කාමරය, නිදන කාමර ආදී කොටස් සඳහා කිසිවෙක් කළු පැහැති ටයිල් එකතු කරනොගැනීමට වගබලා ගනියි.

ඇතැමුන් ටයිල් අතුරා ඒ වටේට බෝඩර් දමන්නට උත්සාහ කරයි. මෙමඟින් දිස්වන්නේ සීමිත ඉඩකඩක් කොටු කළා වැනි හැඟීමකි.

පොළොවට කැටයම් නොමැති සුදු වර්ණයේ විවිධ පරාසයන්ගෙන් යුතු ටයිල් ඇල්ලීමෙන් අපට ඕනෑම පැහැයක, ඕනෑම මෝස්තරයක ගෘහභාණ්ඩ තෝරාගත හැකි වේ.

 

2020/03/04 තරුණි බලන්න