ඉඩකඩ සීමිත උද්‍යානයට සොඳුරු මල් රාක්ක

මාර්තු 18, 2020

අනේක වර්ණයෙන් අලංකෘත චමත්කාර මල්වලට පි‍්‍රය නිසාම අපි කවුරුත් මල් වැවීමට වඩාත් කැමැත්තෙමු. පුංචි පුංචි මල් කැකුළු විකසිත වී අපූරු මල් යායක් මතුවන විට එහි මැවෙන සුන්දරත්වය මෙතෙකැයි කිව හැකි නොවේ.

එපමණක් ද ? දවසේ වෙහෙසකර වැඩ රාජකාරීන් නිමා කොට විඩාබර ගත සේම පීඩාකාරී සිතුවිලි කරපින්නාගෙන නිවෙසට ගොඩවදිනා ඔබ චමත්කාර ලෝකයකට රැගෙන යන්නට මේ මල් උයන හරිම අපූරුයි නේද? මල් ඇසුරේ සිටිමින් තේ කෝප්පයක් තොලගාන්නට, එහෙමත් නැතිනම් මල්වලට සාත්තු සප්පායම් කරමින් සුළු හෝ කාලයක් ගත කරන්නේ නම් එමඟින් සිතට ලැබෙන සැහැල්ලුව, වින්දනය මහමෙරකි.

 

අඩු ඉඩකඩ

නමුත් අවම ඉඩක් තුළ ඉදිකළ නිවෙසකට කොටු වී හිඳිනා බොහෝ දෙනකුගේ මැසිවිල්ල බවට පත්වන්නේ මල් පැළයක් හෝ සිටුවා ගන්නට ඉඩකඩ නොමැති බවකි.

ඒ කෙසේ වුවද ඔබ සතුව නිර්මාණශීලී සිතුවිලි පවතීනම් අඩු ඉඩකඩක පවා සොඳුරු මල් වත්තක් පවත්වාගෙන යා හැකියි.

 

බඳුන්ගත වගාවක්

 

සාමාන්‍යයෙන් ගෙමිදුලක මල් වගාවක් යොදන්නේ නම් ඒ සඳහා යම් ඉඩ ප්‍රමාණයක් වෙන් කළයුතු අතර එම ප්‍රදේශය වෙනත් කටයුත්තක් සඳහා යොදාගත නොහැකියි.

එලෙස යොදා ගැනීමට සිදුවුවහොත් ඔබ සිටවූ ශාක ගලවා ඉවත් කිරීමට හෝ වෙනත් තැනකට රැගෙන යාමට සිදුවේවි. නමුත් මෙහිදී ඔබ මල් පැළ ස්ථිර භූමියේ සිටුවීම වෙනුවට බඳුන්ගත වගාවක් ලෙසින් පවත්වා ගතහොත් එය කදිම විසඳුමක් වේවි.

ඔබ මල් වගාවකට කෙතරම් කැමැති වුවත් ඇතැම්විට බඳුන්ගත වගාවකට හෝ ගෙමිදුල ඉඩකඩ නොමැති විය හැකියි.

එවැනි අවස්ථාවක දී ඔබ වර්ග අඩි 08 ක පමණ පුංචි හෝ ඉඩක් වෙන් කරගන්න. මේ පුංචි ඉඩෙහි මල් බඳුන් 30 ක් පමණ තැබිය හැකි බව ඔබ දන්නවා ද ?

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2020/03/26 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.