මුළුතැන්ගෙයි එදිනෙදා ප්‍රයෝජනයට අමුමිරිස් වවමු

උපරිම අස්වැන්නකට සාර්ථක වගා ක්‍රමයක්
ජුනි 17, 2020

 

සාමාන්‍යයෙන් සෑම නිවෙසකම පාහේ එදිනෙදා ආහාර සකස් කිරීම සඳහා රතුලූනුු, සුදුලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා වැනි ද්‍රව්‍ය අත්‍යවශ්‍ය වේ. විශාල පරිමාණයෙන් නොවුණත් එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය මේ රසකාරක කුඩාවට හෝ ගෙමිදුලේ වවා ගන්නේ නම් ඔබටත් වස විසෙන් තොර නැවුම් ආහාරයක රස බැලිය හැකියි.

මෙයට ප්‍රථම අප සුදුලූනු සහ රතුලූනු වගා කරන ආකාරය පිළිබඳ කතා කළ බැවින් තවත් අත්‍යවශ්‍ය රසකාරකයක් වූ අමුමිරිස් වගාව ගැන අද දැනගනිමු.

අමුමිරිස් මෙන්ම ගෙවත්තේ වගා කළ හැකි තවත් වගාවකි කොච්චි. මේ දෙවර්ගයම ව්‍යාපාරිකව වගා කළහොත් වැඩි ආදායමක් ලබාගත හැකි අතර මේ වනවිට දේශීය මිරිස් වගා කරන පිරිස් ද අඩුවී ඇත. එබැවින් දිනෙන් දින අමුමිරිස් මිල ඉහළ යයි.

මේ නිසා පරිභෝජනය සඳහා පහසුවෙන්ම ඔබට මිරිස් ගස් කිහිපයක් නිවෙසේ වගා කරගත හැකිය.

එමෙන්ම ඔබේ ගෙවත්තේ තරමක් වැඩි ඉඩකඩක් තිබෙනවා නම් සහ හොඳීන් හිරුඑළිය පතිත වන්නේ නම් අලෙවිය සඳහා ද මේ බෝගය සිටුවා ගත හැකියි.

අමු මිරිස් ප්‍රභේද

* එම්.අයි.1 (M.I.1) ප්‍රභේදය

අඩි දෙක හමාරක් පමණ උසට වැවෙන මෙම ප්‍රභේදය මාස හයක් පමණ කල් පවතියි .

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී,

විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.