වසර පුරාවට අස්වැන්න නෙළිය හැකි කරවිල වගාවක්

ජූලි 22, 2020

ඔබේ ගෙවත්තේ කුඩා ඉඩකඩක වුවද වැවීමට හැකි තවත් ගුණදායක එවළුවකි කරවිල. ගෙවත්තේ වැට මායිමට වන්නට වගා කර ගැනීමෙන් වැට හෝ තාප්පය දිගේ යැවීමෙන් සාර්ථක කරවිල වගාවක් පවත්වා ගැනීමට ඔබටත් පුළුවනි .

සාමාන්‍යයෙන් ඔබ කරවිල වගාවක් පවත්වාගෙන යන්නට අදහස් කරන්නේ නම් පළමුවෙන්ම ඊට ගැළපෙන කරවිල ප්‍රභේද තෝරා ගත යුතුය .

ප්‍රභේද

නිරෝගී වර්ගය

මෙය දෙමුහුම් ප්‍රභේදයකි. අඩියක් පමණ දිග කරල් සෑදේ. කොළ පැහැති දාර දැකිය හැකි අතර ඒවා දිගට විහිදී ඇත.

මාතලේ ග්‍රීන් වර්ගය

තද කොළ පැහැති කරවිල කරල් මතුපිට දිගට ඇදුණු දාර සහිත වේ.

තින්නවේලි සුදු වර්ගය

තරමක විශාල කරල් හටගනියි. සුදට හුරු කහ වර්ණයක් සහිත මේ කරල් මතුපිට දිග දාර දැකිය හැකියි.

එම් සී 43 (ර් ඛ් 43)වර්ගය

ළා කොළ පැහැයක් ගන්නා කරල් හටගනී. කරල මතුපිට උල් සහිත ස්වභාවයක් දැකිය හැකිය.

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2020/07/22 තරුණි පුවත්පත බලන්න.