ගොඩනැඟිලි තාක්ෂණයේ අලුත්ම කලාව

සරල Box Type ක්‍රමයට තැනූ පුංචි ම පුංචි නිවහනක්
දෙසැම්බර් 30, 2020

නිවෙසක් වඩාත් සුන්දර වන්නේ ඒ නිවහන සරල වූ තරමටයි. දැන් බොහෝ දෙනකු ගෙයක් හදනකොට ඒ ගැන වැඩියෙන් හිතනවා.

තට්ටු ගණනක් විශාල ගෙයක් හදන්න කෝටි ගණනක මුදලක් වියදම් කරලා, ජීවිත කාලයේම ණයකාරයෙක් වෙලා ජීවත් වෙනවාට වඩා පුංචිම පුංචි ගෙයක් හදාගෙන හිතේ සැනසිල්ලේ ජීවත්වීම කොයිතරම් සම්පතක්ද? ඒ වගේම තමයි කෝටි ගණන් වැය කරලා තට්ටු කිහිපයක නිවෙසක් හැදුවත් වයසට යනවිට තනි වෙන්නට වුණොත්? එවැනි ගෙයක් නඩත්තු කරන්නට බැරි වුණොත්.

හැබැයි එවැනි ගෙයක් හදනකොට අප වර්තමානයේ වැඩිම ජනප්‍රිය නිවාස සැලසුම් ගැන දැන සිටීම ඉතා වැදගත්. එළියට පෙනෙන්න පල කිහිපයක වහළය ඇති ගෙයක් හදලා ගෙයි ඇතුළත කිසිම සැලසුමක් නොවුණොත් එයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. නමුත් දැන් නිවාස සෑදීම ජනප්‍රියතම කලාව බවට පත්වී තිබෙන්නේ ඕධය ඊරනඥ නිවාසයි. නාගරික ප්‍රදේශයක හෝ අර්ධ නාගරික ප්‍රදේශයකට කදිමට ගැළපෙන මෙවැනි නිවාස සැලසුමක විශේෂත්වය තමයි ඉතාම සරල නිමාව හා වහළයේ සැකසුම.

මුදල් ඉතිරිය වගේම අවම පිරිවැයකින් තනාගත හැකි මෙවැනි නිවෙසක් තනා ගැනීම සේවාදායකයාට පහසුවක් මෙන්ම ඒ සඳහා යෙදිය යුතු අමුද්‍රව්‍ය ප්‍රමාණයත් අවම වීම විශාල වාසියක්. කාමර තුනකින් යුතු මෙම සැලසුම නිර්මාණය වී තිබෙන්නේ ද එවැනි අවම පිරිවැයකින් තනා නිමකළ හැකි අයුරින්ය.

මෙහි එක් පැත්තකින් ඇත්තේ රථගාලකි. එම රථගාලට අමතරව ඉදිරියෙන් වැරැන්ඩාවක් ද වෙයි. මැදසීමාව කෑම කාමරය සහිත සාලයකි. එය කොටස් වශයෙන් වෙන්කර නොතිබුණත් එම කටයුතු දෙක සඳහාම ප්‍රයෝජනවත් අයුරින් සකස් වී තිබේ. මෙහි කාමර තුන සඳහා නාන කාමර දෙකකි. එම නාන කාමර දෙකට අමතරව ඇත්තේ පැන්ට්‍රියකි.

සාමාන්‍යයෙන් මෙවැනි නිවෙසක් තැනීම සඳහා පර්චස් 5 - 6ක් වැනි ඉඩමක් ද ප්‍රමාණවත්ය. ගෙවත්ත සහිත නිවෙසක් තනාගැනීමට තවත් පර්චස් එකක් පමණ තිබේ නම් මෙය සියල්ල අංග සම්පූර්ණ නිවෙසකි.

මෙවැනි Box Type නිවාසයක් සඳහා පල කිහිපයක වහළයක් අවශ්‍ය නොවන අතර හොඳ අත්තිවාරමක් මත ශක්තිමත් අයුරින් තනා ගත්විට මෙය දෙමහල් නිවෙසක් ලෙසින් පසුව විශාල කර ගැනීමේ හැකියාවද පවතී. මෙවැනි කුඩා නිවෙසක මූලික කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ලක්ෂ 50ක් වැනි මුදලක් ප්‍රමාණවත්ය. එය තමා නිවෙස තනන ප්‍රදේශය අනුව මිල ගණන් වෙනස් වූවත් මධ්‍යම පංතියේ ආදායමක් ඇති පවුලකට කදිමට ගැළපේවි.

 

 

උපදෙස් කුරුණෑගල කැදැල්ල හෝම්ස් හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

 

2020/12/30 තරුණි පුවත්පත බලන්න.