හිතේ සැනසිල්ලේ නිදහසේ ජීවත්වෙන්න කැමැති ඔබට කදිම නිවහනක්

මාර්තු 24, 2021

 

අප ඔබට මෙහි ඉදිරිපත් කරන මේ සැලසුම් ඉතාම සරලයි. එසේම නිර්මාණශීලීයි. එසේම නිවෙස තැනීමට වැයවන මුදලත් සාපේක්ෂව තරමක් අඩුයි.

අප මෙවර තිළිණ කරන්නේ ඉතාම නිදහසේ ජීවත්වීමට කැමැති ඔබට සරිලන සැලසුමකි.

දෙමහල් නිවෙසක් වූ මෙහි ඉහළ මහල ඉතාම සරලය. එය සම්පූර්ණයෙන් වෙන්කර ඇත්තේ ආගමික කටයුතු හා භාවනා කටයුතු සඳහා යොදාගත හැකි සීමාවක් ලෙසිනි. මෙහි TV ලොබියට පිවිසෙන අයුරින් තරප්පු පෙළ පෙනීමයි. මැද සීමාව සම්පූර්ණයෙන්ම හිස් අවකාශයකි. ආගමික කටයුතු සහ රූපවාහිනිය නැරඹුවට හැකි කොටසක් ලෙසිනි. එය ඔබගේ අවශ්‍යතාවය අනුව වෙනස් කර ගතහැකි අතර එහි සිට අවට පරිසර හොඳින් දැක ගැනීමට ද හැකි අයුරින් නිර්මාණය වී ඇත.

පහත මහ‍ලේ සැලසුම වර්ග අඩි 2399 ක් තරම් වූ මෙය පර්චස් 10 - 12 ක් වැනි ඉඩමක් හොඳින්ම ප්‍රමාණවත්ය. කාමර හතරකින් සමන්විත නිවෙසේ ඉදිරිපස වූ අමුත්තන් සඳහා වෙන් කළ කාමරයට අමතරව තවත් කාමර තුනකි.

එක් පැත්තකින් රථ ගාලක් ද වෙයි. නිවෙසේ එක් පැත්තකින් පැන්ට්‍රියක් සහ මුළුතැන්ගෙයකි.

අර්ධ නාගරික ප්‍රදේශයක නම් මෙය වඩාත් ප්‍රයෝජනවත් අතර දර ළිපක් තනා ගැනීමට ද අවස්ථාව ඇත. මැද සීමාවේ විශාල Cort Yard එකක් දක්නට ඇති අතර එය ඉහළ මහලට සම්බන්ධ වන්නේ නිසි අවකාශයක් ලෙසිනි.

මෙහි කුඩා තීරයක් ලෙස Dining Area සීමාවක් වෙයි. එම පටු සීමාව ප්‍රධාන නිදන කාමරයට යාබදව පිහිටා ඇති අතර ඒ අසලින් ඉහළ මහලට පිවිසෙන තරප්පු පෙළ පිහිටයි.

මෙහි ඉහළ මහල අප පෙර සඳහන් කළ අයුරින් සම්පුර්ණම නිදහස් පරිසරයකි. එහි එක් පැත්තකින් TV ලොබියකි.

අනෙක් පැත්තේ ඇත්තේ ඉතාම ආකර්ෂණීය ලෙසින් වූ මේ නිවහනේ ඉහළ මහල වර්ග අඩි 595 කි.

නිදහසේ ජීවත්වෙන්න කැමැති ඔබට නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ දෙකටම ගැළපෙන අයුරින් නිර්මාණය වී ඇත්තේ ඉතාම අඩු මුදලකින් තනාගත හැකි ආකාරයෙනි.
 

උපදෙස්
කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය
මහින්ද ඒකනායක