ලග්න පලාපල

ඔක්තෝබර් 16, 2019

නොසිතූ වාසි

මේෂ

ළඟ ඇසුරු කරන හිතවතකුගේ අමනාපවීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. නිතර තමාට වාසිවන අන්දමින් කටයුතු කීපයක් කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසවී වැඩකරන කාලයකි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරීවීම යහපත් වේ. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයකි. හදිසියේ තමා සොයා එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

තනතුරු මාරුවක්

වෘෂභ

ශාස්ත්‍රීය කටයුත්තක් සඳහා සිත යොමුවන කාලයකි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. මඟතොට හමුවන කෙනකු නිසා කරදරයක පැටලීමට ඉඩ ඇත. සහෝදර මත ගැටුම් දුරදිග යා හැකි කාලයකි. වරින්වර ඇතිකරන උදාසීන ගති පැවතුම් හේතුවෙන් තමාට පාඩු කීපයක් සිදුවේ. තනතුරු මාරුවක් නිසා හිතේ නොසන්සුන්තාවක් ඇති වේ.

රෝගී තත්ත්ව මතුවේ

මිථුන

ගතට සිතට පීඩා ගෙනදෙන සතියකි. යටපත් වූ ගැටලුවක් නැවත මතුවීමට ඉඩ ඇති කාලයකි. වරන්වර සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන බවක් ද පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි කාලයකි. වරින්වර ඇතිකරන රෝගී තත්තවයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදු වේ. රැකියා ස්ථානයේ වෙනස්කම් රැසක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

අමතර ගමන්

කටක

ගතට සිතට පීඩාකාරී සිතුවිලි ඇතිකරයි. ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් වැයපස අධිකවීමට ඉඩ ඇති බවක් පෙනේ. නොසිතූ ලෙස තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. විවාහ අපේක්ෂිතයන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. අමතර ගමන් බහුල කාලයකි. විදෙස්ගත ලැබීමකට ද ඉඩ ඇති බවක් පෙනේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සති අන්තයේ දී අතක හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදු වේ.

විශ්වාසය බිඳ වැටීමක්

සිංහ

පවුලේ කෙනකු නිසා ඇතිව තිබූ මතභේදකාරී බවක් දුරදිග යන ලකුණු පෙනේ. එමෙන්ම විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දේපල ගැටලුවකට මුහුණ පෑමට සිදුවන කාලයකි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට මාර්ගය සැලසේ. දරුවකුගේ නොසන්සුන්කාරී ගති පැවැතුම් හේතුවෙන් පාඩුවක් වීමට ඉඩ ඇත. තම

සැලසුම් වෙනසක්

කන්‍යා

පැවැති ගැටලු කීපයක් විසඳා ගැනීමට මාර්ගය පෑදෙන කාලයකි. ඉදිරි වැඩ පිළිවෙළක් සාර්ථක කරගැනීමට මඟ සැලසෙන කාලයකි. එමෙන්ම පවුලේ කෙනකු වෙනුවෙන් වැඩිපුර මුදලක් වැය කිරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයකි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුවේ. අමතර ආදායම් මාර්ග වැඩි කරන කාලයකි. නොසිතූ ලෙස ප්‍රභූ පක්ෂයෙන් උදවු උපකාර හිමිවන බවක් පෙනේ.

අතක ආබාධයක්

තුලා

පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුවෙමින් සතිය ආරම්භ වේ. දරුවකුගේ තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසවී වැඩ කරන කාලයකි. තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. සතිය මැද කාලයේ දී අලුත් ආදායම් මාර්ග කීපයකට මඟ සැලසෙන බවක් පෙනේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අතක හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. පෙම් සබඳතාවකට මාපිය ආශීර්වාදය හිමිවන කාලයකි.

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

 

2019/10/16 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.