ලග්න පලාපල

ඔක්තෝබර් 30, 2019

දරුවකු පිළිබඳ සතුටුදායක ආරංචියක් ගෙන දේ

මේෂ

මෙතෙක් පැවැති පවුලේ ගැටලුකාරී බව මඟහැරී යයි. පවුලේ කෙනකු හා ගනුදෙනුවක් සිදුකර ගන්නා සතියකි. නිතර තමා හමුවට එන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් ගේ දොර ඉදිකිරීම් සම්බන්ධ කටයුත්තකට අතගැසීමට මඟ සැලසේ. නිතර නිතර ඇතිවන ශාරීරික අප්‍රාණික ගති හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බැවින් ජලය සම්බන්ධ කටයුතුවලින් ප්‍රරෙස්සම් වන්න. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් අසන්නට ලැබේ.

රැකියාවේ පීඩා මඟහැරේ

වෘෂභ

යොදාගත් සැලසුම් කීපයකට බාධා ගෙනදෙන අතර විශේෂ සැලසුමකට අතගැසීමට අවස්ථාව උදාවේ. ගේ දොර උත්සව අවස්ථාවක් පිළිබද වෙහෙසවීම් වැඩිවන කාලයකි. හදිසි ආදායම් මාර්ගයක් වෙනසකට ලක්වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ළඟම හිතවතකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. නිවෙසේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. රැකියාව සම්බන්ධව මෙතෙක් ඇතිවී තිබූ පීඩාකාරී ස්වභාවය මඟහැරී යන කාලයකි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ.

විදෙස් උපකාර

මිථුන

තරමක් අවිවේකී සතියකි. තැන තැන ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විදෙස්ගත හිතවතකුගෙන් උපකාරයකට අවස්ථාව සැලසේ. වරින් වර පීඩා ගෙනදුන් අසනීප තත්තවයට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අඹුසැමි මතගැටුම් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් මතුවීමට ඉඩ ඇත. එමෙන්ම තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. ලැබීම් අතින් යහපත් වුවත් හදිසි මුදල් වැයවීම්වලට ද කටයුතු බොහෝ යෙදේ. සති අන්තයේ දී පවුලේ උත්සව අවස්ථාවකට සහභාගීවීමට මඟ සැලසෙනු ඇත.

වාසිදායක කටයුතු යෙදේ

කටක

මෙතෙක් යොදාගත් සැලසුමක් වෙනුවෙන් අවහිරතා මතුවන කාලයකි. තමා ළඟින් ඇසුරු කළ අයකුගේ අමනාපවීමක් සිදුවීමට ඉඩ ඇති සතියකි. නිතර තමාට වාසිදායක වන අයුරින් කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කල්පනාකාරී වියයුතු බව පෙනේ. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසවී අතහිත දීමට සිදුවන කාලයකි. හදිසියේ තමා සොයා එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

 

 

2019/10/30 තරුණි පුවත්පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.