ලග්න පලාපල

දෙසැම්බර් 4, 2019

විවාහ ස්ථිර වීමක්

මේෂ

තරමක් වෙහෙසීම් ඇති කරන සතියකි. මුදල් වියදම් කිරීමේ දී තරමක් දුරට කල්පනාකාරීවීම යහපත් වේ. උත්සව අවස්ථා වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. කය වෙහෙසා කරන වැඩ අධික වේ. නිතර ඇවිදිලි වැඩි කරන කාලයකි. මෙතෙක් ප්‍රමාද වූ විවාහ යෝජනාවක් ස්ථිරවන බවක් පෙන්නුම් කරයි. රැකියා කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී කලබලකාරී නොවන්න. සති අන්තය වනවිට වෙනදාට වඩා මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවේ.

 

දේපළ ගනුදෙනුවක්

වෘෂභ

යහපත් සිතුවිලි ඇතිකරන කාලයකි. මිතුරන් අතරේ ජනපි‍්‍රයත්වයක් ලබයි. එහෙත් යන එන ගමන් බිමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගුප්ත විද්‍යා කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. නිවෙස් අලංකාරය පිළිබඳ නව සිතුවිලි ඇති කරයි. නොසිතූ ලෙස පවුලේ අයගේ ඇසුරින් වෙන්ව කටයුතු කිරීමට සිදු වේ. එමෙන්ම පවුලේ අය අතර ඇතිවන වාද විවාද ගැටලු මතුවීමට ඉඩ ඇත. රැකියාවට අමතර ආදායම් මාර්ග කීපයක් හිමිකරන කරයි. දේපළ ගනුදෙනුවකින් වාසි සැලසේ.

 

කකුලේ ආබාධයක්

මිථුන

අතමිට මුදල් ගැවසෙන කාලයක් වන නමුදු තමා නොසිතූ ලෙස හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙනු ඇත. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිවන කාලයකි. හදිසියේ මුණගැසෙන කෙනකු නිසා ඇතිවන ගැටලු කීපයක් දුරදිග යාමට ඉඩ ඇත. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති දරුලාභ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. තමා ඇසුරුකරන අයකු පිළිබඳ සිත් තැවුලක් අසන්නට ලැබෙන සතියකි. යටපත් වූ කකුලේ ආබාධයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන්න.

 

තනතුරු මාරුවක්

කටක

විශේෂ වගකීමක් තමා මත පැටවෙන කාලයකි. නිතර ඇවිදීම් ඇතිවන අන්දමේ කටයුතු යෙදේ. පවුලේ ඇතිවන සුළු සුළු මතභේදකාරී බවක් දුරදිග යන ලකුණු පෙනේ. පියපස ඥාතියකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. ගේදොර අලුත් වැඩියාවක් පිළිබඳ වෙහෙසෙන කාලයකි. නිතර තමාට චෝදනා අපහාසවලට මුහුණ පෑමට සිදුවන කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. තනතුරු මාරුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

 

දුර ගමනක්

සිංහ

පවුලේ බලාපොරොත්තු කීපයක් ප්‍රමාද කරමින් සතිය ආරම්භ වේ. යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. ගැටලුකාරී කටයුතු කීපයක් මධ්‍යයේ දුර ගමනකට සැලසුම් ඇති කරයි.

එමෙන්ම විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින අයට බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙනේ. අලුත් ඥාති හිතවත්කම්වලට මඟ සැලසෙන කාලයකි. දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. ළඟ ඇසුරුකරන අයකුගේ ඈත්වීමක් සිදුවීමට ඇති බවක් පෙනේ. ගුප්ත ශාස්ත්‍රයේ පිහිට පතන කාලයකි.

 

2019/12/04 තරුණි බලන්න