ලග්න පලාපල

දෙසැම්බර් 11, 2019

නැති වූ දෙයක් නැවත හිමිවේ

මේෂ

යහපත් සතියකි. අලුත් වැඩ කටයුතු කීපයක් ඇරැඹීමට මඟ සැලසේ. අමතර බැඳීම් ඇති කරන කාලයකි. උසස් අය හා ඇසුරට ලැබෙන අතර එයින් කටයුතු කීපයක් සාර්ථක කරගනී. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන සතියකි. උරුමයක් පිළිබඳ පැවැති ගැටලුවක් නිරාකරණය කර ගැනීමට හැකිවේ. රැකියා තනතුරු මාරුවක් වෙනුවෙන් සිත් තැවුල් ඇතිවේ. රැකියා ස්ථානයේ කෙනකු සමඟ කලහකාරී තත්ත්වයක් ඇතිකර ගැනීමට ඉඩ ඇත. අහිමි වූ දෙයක් නැවත ලබාගැනීමට මඟ සැලසේ.

 

අතමිට මුදල් සරුවේ

වෘෂභ

තරමක් වෙහෙසීම් ඇති කරන සතියකි. අතරමඟ නවතා තිබූ කටයුත්තකට වෙහෙසී වැඩකිරීමට සිදුවේ. නමුත් මුදල් වියදම් කිරීමේ දී තරමක් දුරට කල්පනාකාරී විය යුතුය. උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. කය වෙහෙසා කරන කටයුතු අධික වේ. මෙතෙක් ප්‍රමාද වූ විවාහ යෝජනාවක් ස්ථිර වන ලකුණු ඇති කරයි. රැකියාවේ ඉදිරි තීරණ ගැනීමේ දී තරමක් කල්පනාකාරී වන්න. සති අන්තයේ අතමිට මුදල් ගැවසේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වියදම් වැඩි කරයි.

 

දේපළ ගනුදෙනුවක්

මිථුන

යහපත් සිතුවිලි ඇති කරන සතියකි. හිත මිත්‍රාදීන් අතර ජනපි‍්‍රය චරිතයක් බවට පත්වේ. නමුත් යන එන ගමන් පිළිබඳ තරමක් කල්පනාකාරී වීම යහපත් වේ. නිවෙසේ අලංකාරය පිළිබඳ නව සිතුවිලි ඇති කරයි. ගුප්ත විද්‍යා කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. තම පවුලේ අය සමඟ තරමක් මතභේද හා ගැටුම් ඇතිවිය හැකි සතියකි. රැකියාවේ කටයුතුවලට අමතරව ආදායම් මාර්ග කීපයක් හිමිවන සතියකි. හදිසි දේපල ගනුදෙනුවක් හේතුවෙන් වැඩ කීපයක් සැලසේ.

 

හදිසි මුදල් වැයවීමක්

තුලා

විශ්වාසවන්තව කටයුතු කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වේ. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. ලැබීම් අතින් යහපත් වන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති මුදල් ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. නොසිතූ ලෙස නීති අවුලකට පැටලීමට ඉඩ ඇත. පෙම් සබඳතාවකට වැඩිහිටි විරෝධය ඇතිවන සතියකි. හදිසි විදෙස් ගමනකට සැලසුම් සකස්වන කාලයක් වන අතර පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වැය වේ.

 

මවගේ අසනීප තත්ත්වයක්

වෘශ්චික

වරින්වර කම්මැලි, අලස ගත ඇතිකරමින් සතිය ආරම්භ වේ. උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුම් සකස්වන සතියකි. ඇසුරු කරන කෙනකු සමඟ විශ්වාසය බිඳවැටීමක් ඇති වේ. තමා විශේෂයෙන් යොදාගත් කටයුතුවලට අවහිරතා මතුවීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතුවල ස්ථාන මාරුවක් සිදුවන ලකුණු ඇත. එමෙන්ම ගෘහ ජීවිතයේ කටයුතුවල යම් යම් වෙනස්කම් සිදුවන බවක් පෙනේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අමතර ආදායම් මාර්ග කීපයක් ඇතිවුවත් ඒවා සාර්ථක නොවේ.

 

ගැටලු කීපයක්

ධනු

විවිධ බාධාවීම් ඇති කරන සතියකි. මෙතෙක් කරගෙන ආ වැඩකටයුතු කීපයක් අතරමඟ නවතා දමයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයකි. ඉක්මන්කාරී වැඩපිළිවෙළක් හේතුවෙන් ගැටලු කීපයක් පැන නඟී. සහෝදර මතභේද තත්ත්වයක් දුරදිග යාමට ඉඩ ඇත. රැකියා කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවේ. ආයතන ප්‍රධානීන් සමඟ මතභේදකාරී තත්ත්වයක් ඇති කරයි. විදෙස්ගත හිතවතකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. සති අන්තයේ දී පවුලේ කෙනකු පිළිබඳ සිත් තැවුලක් අසන්නට ලැබේ.

 

දරු ලාභ හිමි සතියක්

කටක

මිශ්‍ර ඵල හිමිවන සතියකි. අතමිට මුදල් ගැවසෙන නමුත් හදිසි මුදල් වැයවීමක් ද ඇති වේ. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසවීම් ඇති කරන සතියකි. හදිසියේ මුණ ගැසෙන කෙනකු නිසා ඇතිවන ගැටලු කීපයක් දුරදිග යාමට ඉඩ ඇත. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති දරුලාභ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. යටපත් වූ කකුලේ ආබාධයක් නැවතත් මතු කරන කාලයකි. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.2019/12/11 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.