ලග්න පලාපල

දෙසැම්බර් 25, 2019

 

වැඩිහිටි දෝෂාරෝපණ

 

මේෂ

තම පවුලේ වගකීම් බහුල වෙමින් සතිය ආරම්භ වේ. විශේෂ වැඩ පිළිවෙළක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිවන අතර පවුලේ වගකීම් පැහැර හැරීම් ද සිදුවිය හැක. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කාලයකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකුගෙන් නිතර තමාට දෝෂාරෝපණ එල්ලවන කාලයකි. මවුපස ඥාතියකුගේ, මවගේ අසනීප තත්ත්වයක් පිළිබඳ සැලකිලිමත් වියයුතු කාලයකි. මුදල් සම්බන්ධ ගැටලු ඇතිකරන බැවින් ඒ සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වන්න.

 

දුර ගමනක්

 

වෘෂභ

ලැබීම් අතින් යහපත්වන අතර මෙතෙක් පැවැති පවුලේ ගැටලුකාරී තත්ත්වයක් මඟහැරී යන කාලයකි. වෙනදාට වඩා අමතර ආදායම් මාර්ග වැඩි කරයි. සතිය මැද කාලයේදී පවුලේ අය සමඟ දුර ගමනකට අවස්ථාව උදාකරයි. අලුත් ගේදොර ඉදිකිරීමක් සම්බන්ධ කටයුත්තකට අතගැසීමට මඟ සැලසේ. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බැවින් ජලය සම්බන්ධ කටයුතුවලින් ප්‍රවේසම් වන්න. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් අසන්නට ලැබේ. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ කල්පනාකාරී වීම යහපත් වේ.

 

දණහිස් අමාරුවක්

මිථුන

මානසික පීඩා ඇති කරමින් කාර්යබහුල වෙමින් සතිය ආරම්භ වේ. විශේෂ සැලසුමකට අතගැසීමට අවස්ථාව උදාකරයි. හදිසි ආදායම් මාර්ගයක් වෙනසකට ලක්වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. තැන තැන ඇවිදිලි වැඩිකරන කාලයකි. සති මැද කාලයේ යටපත් වූ දණහිස් අමාරුවක් නැවත මතුවීමට ද ඉඩ ඇත. උත්සාහයේ තරමට තමාට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. රැකියාවේ මෙතෙක් පීඩා ගෙනදුන් ගැටලු තත්ත්වයක් මඟහැරී යයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි සතියකි. පරම්පරාගත දේපල ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ.

 

විභාග ජයග්‍රහණ

 

කටක

වෙහෙස මහන්සිය ඇති කරමින් සතිය ආරම්භ වේ. තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ශරීරය අප්‍රාණික, අලස ගති පැවතුම් ඇතිකරන සතියකි. වෙහෙස මහන්සිය වැඩි කරයි. මෙතෙක් අසනීපයෙන් සිටි පවුලේ කෙනකු සුවතාවයට පත්වන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී තරග විභාගවලින් ජයග්‍රහණ හිමි වේ. මුදල් ලැබීම අතින් යහපත් වුවත් හදිසි මුදල් වැයවීම්වලට ද කටයුතු සැලසෙනු ඇත. තමා සතු යමක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

 

විවාහ යෝජනාවට මාපිය විරෝධය

 

සිංහ

මෙතෙක් යොදාගත් සැලසුමක් වෙනුවෙන් අවහිරතා මතුවන්නා වූ කාලයකි. වගකීම් බහුල වේ. මනසට පීඩා ගෙනදෙන කටයුතු කීපයක් සිදුවනු ඇත. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වී අතහිත දීමට සිදුවන කාලයකි. විවාහ යෝජනාවකට මාපිය විරෝධය හා ආරවුල්කාරී කටයුතු කීපයක් ද යෙදේ. පැරැණි හිතවත්කමක් අලුත්වීමෙන් වැඩ පිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. තම පවුලේ කෙනකු පිළිබඳ සිත් කලකිරෙන පුවතක් අසන්නට ලැබේ. තමා හමුවට එන කෙනකු කලබලකාරී කරදර ඇති කරයි.

 

වෙහෙසිම් වැඩි වේ

 

කන්‍යා

මුදල් ගනුදෙනුවක් හේතුවෙන් වෙහෙසීම් වැඩිකරමින් සතිය ආරම්භ වේ. අසල්වැසි ආරවුලක් දුරදිග යාමට ඉඩ ඇත. ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයකි. දුර ගමන් යෙදෙන අතර දුර ගමනක් පිළිබඳ පරෙස්සම් වන්න. රැකියාවේ කටයුතු කීපයක් වෙනසකට ලක්වන කාලයකි. සති අන්තයේ දී පවුලේ වගකීමක් තමාපිටට පැවරීමට ඉඩ ඇත. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාර හිමිකරයි. ගේදොර සැලසුමක් වෙනස් කිරීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් යෙදේ.

 

දේපොළ ගැටලුවක්

 

තුලා

හදිසි තීරණ වෙනස් කිරීමට සිදුවන සතියකි. කලබල වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත. නිතර මානසික අවිවේකය ඇති කරන සතියකි. රැකියා කටයුතුවල තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ කෙනකුගේ හදිසි දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. දේපොළ ගනුදෙනුවක් පිළිබඳ ගැටලුවක් මතුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. සති මැද කාලයේ දී දරුවකුගේ කටයුතු පිළිබඳ ඉවසිලිවන්ත වීම වැදගත් වේ. වාහන අලුත් වැඩියාවක් වෙනුවෙන් අමතර මුදලක් මෙන්ම වෙහෙසීම් ද වැඩිවන කාලයකි.

 

 

සටහන

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර2019/12/23 තරුණි බලන්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.