ලග්න පලාපල

මාර්තු 18, 2020

 

නැති වූ දෙයක් නැවත හිමි වේ

මේෂ

අලුත් වැඩ කටයුතු කීපයක් ඇරැඹීමට මඟ සැලසේ. අමතර බැඳීම් ඇති කරන කාලයකි. උසස් අය හා ඇසුරට ලැබේ. එයින් කටයුතු කීපයක් සාර්ථක කරගනී.

වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන සතියකි. උරුමයක් පිළිබඳ පැවැති ගැටලුවක් නිරාකරණය කරගැනීමට හැකියාව හිමිවේ. රැකියා තනතුරු මාරුවක් වෙනුවෙන් සිත් තැවුල් ඇතිවන අතර රැකියා ස්ථානයේ කෙනකු සමඟ කලහකාරී තත්ත්වයක් ඇතිකර ගැනීමට ඉඩ ඇත. අහිමි වූ දෙයක් නැවත ලබාගැනීමට මඟ සැලසේ.

 

අතමිට මුදල් සරු වේ

වෘෂභ

තරමක් වෙහෙසීම් ඇති කරන සතියකි. අතරමඟ නවතා තිබූ කටයුත්තකට වෙහෙසී වැඩ කිරීමට සිදුවේ. නමුත් මුදල් වියදම් කිරීමේදී තරමක් දුරට කල්පනාකාරී විය යුතුය. උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

කය වෙහෙසා කරන කටයුතු අධික වේ. මෙතෙක් ප්‍රමාද වූ විවාහ යෝජනාවක් ස්ථිර වන ලකුණු ඇති කරයි. රැකියාවේ ඉදිරි තීරණ ගැනීමේ දී තරමක් කල්පනාකාරී වන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් වියදම් වැඩි කරයි.

 

දේපල ගනුදෙනුවකින්

මිථුන

යහපත් සිතුවිලි ඇති කරයි. හිතමිත්‍රාදීන් අතර ජනපි‍්‍රය චරිතයක් බවට පත් වේ. නමුත් යන එන ගමන් පිළිබඳ තරමක් කල්පනාකකාරී වීම යහපත් වේ.

නිවෙසේ අලංකාරය පිළිබඳ නව සිතුවිලි ඇති කරයි. විද්‍යා කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. තම පවුලේ අය සමඟ තරමක් මතභේද හා ගැටුම් ආදායම් මාර්ග කීපයක් හිමිවන සතියකි. හදිසි දේපල ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ.

 

දරුලාභ හිමි සතියක්

කටක

අතමිට මුදල් ගැවසෙන නමුත් හදිසි මුදල් වැයවීමක් ද ඇති වේ. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. හදිසියේ මුණ ගැසෙන කෙනකු නිසා ඇතිවන ගැටලු කීපයක් දුරදිග යෑමට ඉඩ ඇත. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති දරුලාභ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තු ඉටුවන ලකුණු ඇති සතියකි. යටපත් වූ කකුලේ ආබාධයක් නැවතත් මතුª කරන කාලයකි. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

 

2020/03/19 තරුණි බලන්න