ලග්න පලාපල

මාර්තු 24, 2021

 

මේෂ ලග්නය

ආර්ථික ප්‍රතිලාභ පෙන්වයි

මේෂ ලග්නය හිමි ඔබට මේ සතිය ඉතා සුබයි. හදිසි උරුමකම් හිමිකම් පිටරට යෝග ආර්ථික ප්‍රතිලාභ පෙන්වනු ඇත. කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි අරමුණක් ඉටුකර ගැනීමට හැකිවේ. ගෘහ ජීවිතය සතුටුදායකයි. තුනටියට ආපදා පෙන්වයි. ප්‍රවේශම් වන්න.

 

වෘෂභ ලග්නය

නි‍ෙවසේ උත්සවශ්‍රීයක්

වෘෂභ ලග්නය හිමි ඔබට මේ සතිය තම ඥාති පාර්ශ්වය වේවා දරු පරපුර වේවා විශේෂ ඒකරාශි වීමක් පෙන්වයි. නි‍‍ෙවසේ උත්සවශ්‍රීයක් උසුලයි. වියදම් අතින් ඉහළ යාමක් පෙන්වයි. හිසට අගුණයි. පිරිසක් ඒකරාශි වන ස්ථානයක් නිසා ඉවසීම පුරුදු විය යුතුයි. නැතොත් ආරවුල් - කළකෝලාහවලට මැදිහත් වීමට පවා සිදුවන නිසාය.

 

මිථුන ලග්නය

හදිසි අනතුරු තත්ත්වයක්

මිථුන ලග්නයට අනුව මෙම සතිය ඔබට ජීවිතයේ හිස් බවක් දැනෙන සතියකි. විශේ්ෂයෙන් තනිකම හුදෙකලාව වැඩිපුර දැනෙයි. බොහෝ විට කිසියම් හදිසි අනතුරු තත්ත්වයක් නිසා සතිය පුරා එක්තැන්වීමක්ද පෙන්වයි. බුධ ඥානකාරකත්වය උදාකර දෙන නිසා ඉවසීමෙන් කටයුතු කළ හැකි සතියකි

 

කටක

සිතේ සතුට රජයයි

කටක ලග්නය හිමි ඔබට අද දින චන්ද්‍රයා ලග්නයේ සිට 02, 03, 04 යන ස්ථාන පසුකර ගමන් කිරීම නිසා සුබයි. සිතේ සතුට සමාදානය ඇතිවේ. තමා කාලයක් උත්සාහයක යෙදුණු සබඳතාවක් සපලවෙයි.

සිතේ සෙනෙහස උතුරා යන තත්ත්වයක් උසුලයි. සිතල අධිකකම නිසා මතු කෙරෙන පීනස් ගතිය ඇතිවේ.

 

සිංහල ලග්නය

අධික වෙහෙස මහන්සිය

සිංහ ලග්නයට අනුව මේ සතිය ඔබට දුර බැහැර කටයුත්තකට යාමට සිදුවේ.

ඒ නිසාම අධික වෙහෙස මහන්සිය පවතින සතියකි.

විවාහහ දිවියේ සරුබව ඇතිවේ. ව්‍යාපාරික දියුණුව හා ආර්ථික යහපත්බව ඇතිවේ. පියාට අගුණ පල කෙරේ.

කොහොමින් හෝ තමා විසින් කරගෙන ආ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට හැකිවේ.

 

කන්‍යා ලග්නය

නිදහස් මානසිකත්වයක්

කන්‍යා ලග්නයට අනුව මේ සතිය ඔබට නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදුවේ.

ආදායම් අතින් යහපත් සතියකි. තමා වෙනුවෙන් තමාගේ කටයුතු පහසු කර ගැනීමට සෙසු පිරිස ඉදිරිපත් වේ.

ඒ නිසා සතිය පුරා නිදහස් මානසිකත්වයෙන් ගත කිරීමට පුළුවන්වේ.

තම කටයුතු පහසුකර ගැනීමට ආදරවන්තයකුගේ ඉදිරිපත් වීමක් පෙනෙන්නට තිබෙන සතියකි.

තුලා ලග්නය

මහපොළොවේ සම්පත් උදාකෙරේ

තුලා ලග්නයට අනුව මේ සතිය ඔබට රැකියාව අතින් ඉතා සුබවෙයි.

මහ පොළොවෙන් ලැබෙන වස්තු සම්පත් උරුමකරදේ. යහපත් දරු සම්පත් හා ආර්ථික වශයෙන් උසස් ආදායම් මතු කෙරේ. තුනටියට අපලයි. උඩ නැගීම්, වාහනවල අධික වේගයෙන් ගමන් කිරීම් සුබ නැත. තමා ඉදිරි ආයෝජනයක් කිරීමට සැලසුම් සකස් කෙරේ.

 

වෘෂ්චික ලග්නය

පසුතැවීමට කරුණු යෙදේ

වෘෂ්චික ලග්නයට අනුව මේ සතිය ඔබගේ ජීවිතයේ පසුතැවීමට හේතු වන කරුණක් යෙදේ.

හදිසි කෝපය කේන්තිය තරහ නිසා බොහෝ කටයුතු අවුල් වේ. ඒ නිසා තමාට ලැබිය යුතු ප්‍රතිලාභයක්ද අහිමි වනු ඇත. තම ගෘහ ජීවිතයේ සතුට සමාදානය ගිලිහෙන ලකුණු පෙනේ. නමුත් ඔබට අනාගත කටයුතු සඵල කර ගැනීමට හැකියාව ලැබේ.

 

ධනු ලග්නය

උරුමයක පෙර ලකුණු

ධනු ලග්නයට අනුව මේ සතිය ඔබට හිදසි ධන හානි හා ආර්ථික අපහසුතා පෙන්වයි. මවට අගුණයි. ඔබගේ ශාරීරික දුර්වලතා මතු කෙරේ. එහෙත් බුද්ධිගෝචරව කටයුතු කළහොත් ඉතා වාසනාවන්ත තත්ත්වයකට පත්වීමට ඔබට හැකිවේ. පෙර උරුමයක පෙර ලකුණු මතු කෙරේ.

 

මකර ලග්නය

බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබේ

මකර ලග්නයට අනුව ඔබට මෙම සතිය සුබයි. බලාපොරොත්තු වූ ණය මුදලක් තමාට ලැබේ. චන්ද්‍රයා 07 හි සිට 08, 09,10 පසුකර යන ගමනේදී අතපසුවූ කටයුතු රැසක් සම්පූර්ණ කර ගැනීමට හැකිවේ. බොහෝ දෙනෙකු විසින් ඔබගේ ඉදිරි ගමනට ශක්තිමත් අත්වැලක් සපයයි. තමාට කලක පටන් එල්ල වී තිබු නරක නාමයකින් මිදීමට අවස්ථාව උදාවේ. තවදුරටත් අධ්‍යාපන කටයුතු කරගෙන යාම සුබයි.

 

කුම්භ ලග්නය

ව්‍යාපාරයට නව මුහුණුවරක්

කුම්භ ලග්නයට අනුව මේ සතිය ඔබට ඉතා සුබයි. ධන සම්පත් හිමිවේ.

අරමුණු සපලවේ. විශේෂයෙන් තමා කරගෙන යන ව්‍යාපාරයක් නව මුහුණුවරකින් ඉදිරියට පවත්වාගෙන යාමට පසුබිම සැකසේ. දුර බැහැර ගමන් යෙදේ. අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල් ඇති අය ප්‍රවේශම් විය යුතුය. සුළු ආපදාවකදී වුවද සැලකිල්ලෙන් යුතුව ප්‍රතිකාර ගත යුතුවේ.

 

මීන ලග්නය

විශේෂ ප්‍රතිලාභ රැසක්

මීන ලග්නයට අනුව කලා කටයුතු සපලවේ. සිතේ සතුටින් ඉදිරි අනාගතයට සැලසුම් සකස්වේ.

දරු සම්පත් අපේක්ෂාවෙන් සිටින අයගේ් බලාපොරොත්තු සපලවේ.

උරහිසට අපලයි. පිටරට යෝග සහිතයි. උනන්දු සහගත බව වැඩිදියුණුවී නිසා විශේෂ ප්‍රතිලාභ රැසක් අත්වනු ඇත.

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි