යුග දිවියේ සෞන්දර්යාත්මක බව කියාපාන ස්ත්‍රියකගේ ළය මඬල

Secrets of body language
සැප්තැම්බර් 29, 2021

 

පපුව මාංස කල්‍යාණයෙන් පිරි කලාත්මකව පිහිටියේ නම් ඇය මහා භාග්‍යවන්තියකි

 

පපුවේ වම්පස උපන් ලපයක් පිහිටියේ නම් ඉතාම සුබයි. අන්‍ය ගෞරවය හිමියි

 

ලොව්තුරා ශාන්ති නායක අමා මෑණී බුදු හිමියන් ‘අම්මා‘ ගෙදර බුදුන් ලෙස හැඳින්වූ සේක. ඒ ඇය දෙවැනි වන්නේ බුදු හිමියන්ට පමණක් වන නිසාය. උතුම් මව් පදවිය ලැබිය හැක්කේ කාන්තාවකට පමණක් වීමත්, ඇගේ රතු පැහැ රුධිරය කිරි බවට හැරවිය හැක්කේ ඇගේ ඒ මාතෘ සෙනෙහසට පමණක් වීමත් නිසා කාන්තාව මේ ලෝකයේ සුන්දරම වස්තුව ලෙස නිර්මාණය වී තිබේ. ලෝකය පවතින්නේ හිරුගේ රැස් වලින් සහ මවගේ කිරි වලින් බව රුසියාවේ මහා ලේඛක මක්සිම් ගෝර්කි පවසා තිබෙන්නේත් මේ නිසාය. දරුවකු කිරෙන් පෝෂණය කරන ඇගේ පියයුරු සැබැවින්ම කාන්තාවකට ආභරණයකි.

කාන්තාවකගේ සිරුර කෙතරම් රූමත් වුවත්, පැහැපත් වුවත් එහි ආකර්ශනීය බව රඳා පවතින්නේ ළය මඬල මත යැයි කීවොත් ඔබ එකඟ වේවි. එය කලාත්මක ලෙසින් පිහිටි කල අපූරු වාසනාවක් ද ඈ සතුයි. යුවතියක් පංච කල්‍යාණියක් වීමට නම් අනිවාර්යයෙන්ම ඇයට පිරුණු පියයුරු පිහිටා තිබිය යුතුමයි.

අතීත සාහිත්‍යකරුවා ස්ත්‍රී ළය මඬල ගැන කොයි තරම් නම් වර්ණනා කොට ඇත්ද? වරෙක ඇගේ පිරුණු ළය මඬල සුදෝසුදු හංස ධේනුවන්ට සමාන කරයි.. සීගිරි බිතු සිතුවම් දෙස නෙත් යොමන කල පිරුණු පියයුරුවලින් මොන තරම් අලංකාරයක් කාන්තා සිරුරට ලැබී තිබේදැයි දැකිය හැකිය.

ඒ කෙසේ වෙතත් කාන්තාවකගේ ළය මඬලින් ඇගේ සමස්ථ ඉරණම් කතාවම කියන්නට හැකි බව පැවසුවහොත් ඔබ ඇතැම් විට පුදුමයට පත්වනු ඇත.

 

මෙවර තරුණී දේහ ලක්ෂණ විද්‍යාව මඟින් ඔබට ගෙන හැර දක්වන්නේ ස්ත්‍රී ළය මඬලෙන් කියැවෙන රහස් ය.

 

*රෝමයන්ගෙන් තොරව සිනිඳුව මනාව මසින් පිරුණු, නහර ඉලිප්පීමකින් තොරව ඔප මට්ටම් සහිත පපුව පිහිටීමෙන් ඇගේ යුග දිවියේ සෞන්දර්යාත්මක බව කියාපායි. මෙවැනි කත නිවෙසට සිරි දෙව්දුවකි. සැමියාට අඹු සැමි ඇසුරේ දිව්‍යමය පහස ලබා දෙයි. ‘ස්ත්‍රී සයනෙ වෛශ්‍යා නාම්‘ සයනේ යන කියමනට අනුව ඇය සයනයේදී වෙසඟනකි.

*පපු පෙදෙස උස්ව වටව මාංස කල්‍යාණයෙන් පිරි කලාත්මකව පිහිටියේ නම් ඇය මහා භාග්‍යවන්තියකි. තුන්කල්හිම සැප විඳිනු ඇත. කුල ගෞරවය රකී.

*අඟල් 18ක් පමණ උස් වූ සම තත්වයේ පවතින පපු පෙදෙසක් හිමි නම් ඇය බුද්ධීමත්ය. ඉගෙනීමට අති දක්ෂය. ඉතාම තරුණ වියේදී විවාහ වේ. විවාහයෙන් යස ඉසුරු සම්පත් ලැබේ.

*පපුවේ වම්පස උපන් ලපයක් පිහිටියේ නම් ඉතාම සුබයි. අන්‍ය ගෞරවය හිමියි. ක්‍රම ක්‍රමයෙන් ජීවිතය ජය ගනී.

*පපුවේ දකුණුපස ඇලයේ උපන් ලපයක් ඇත්නම් ඇය ජනප්‍රියවේ. ජනයාගේ ගෞරවයට පාත්‍රවේ. එම ප්‍රසිද්ධිය දිනෙන් දින වැඩිවේ. එහෙත් ඇතැම් විට වැන්දඹු ලක්ෂණයක් ද කිව හැකියි.

* පපුව පහතට එල්ලා වැටෙන සේ මාංස බුරුල්ව ලිහිල්ව පිහිටීම අශුභ ලකුණකි. විවාහයේ රසභාවය හීනවේ. දුක් දොම්නස් වලට භාජනය වේ.

* ඝන වූ රෝමයන්ගෙන් පිරී නහර ඉලිප්පී තිබීම යුග දිවියේ නීරස බව කියාපායි. සතුට රස විඳීමක් නම් ලැබෙන්නේම නැත. හුදකලා දිවියක් හිමි වේ. සැමියාට සුබ නැත.

*පැතලි වැහැරී ගිය පපුවක් පිහිටියේ නම් එය අසුබ දේහ ලක්ෂණයකි. කාන්තාභාවයෙන් ද තොර මෙවැනි අය පිරිමි ගති ලක්ෂණ වලට හුරුය. හුදෙක්ම විකෘති ආසාවන් පසුපස යනු ඇත. සම ඇසුරට ප්‍රිය කරන්නීය. අන්‍යයන්ට විපත් දුක් කරදර කරන සුළුය. ඇතැම්විට ආගම් විරෝධී කාන්තාවක් විය හැකිය.

* පපු පෙදෙස තරමක් උස්ව වැඩී මැද කොටස ගිලා බැස ගොස් තිබේ නම් මෙවැන්නියන් බොහෝවිට නපුරුය. දුෂ්ට වූ අදහස් ඇත්තියකි. ඉක්මණින්ම කලබලයට පත්වේ. අත්තනෝමතිකයි. අනවශ්‍ය බැඳීම් ඇතිකර ගනී. පහසුවෙන් තෘප්තියට නම් පත් නොවන්නියකි. සිතුවිලි ද අපිරිසුදු මෙවැනි කාන්තාවන් සහයෝගයෙන් වැඩ කිරීමට ඇකැමැති අයයි.

* ඉළ ඇට පෑදී නාභිය තෙක්ම අගලක් වැනි පිහිටීමක් සහිත ගිලා බැස ගිය පපුවක් හිමි නම් ඇය නපුරු එකියකි. විවාහය බොහෝ විට අසාර්ථක කර ගනී. මෙවැනි බිරියන් නිසා සැමියාට විපත් ගෙන දෙන අතර දරුවන්ටද අපලයි. සමස්ථ දිවිය පුරාවටම විවිධ කරදර වලට මුහුණපානු ඇත.

 

ලොව කිසිවකුට කිසි කලක ලෙය කිරි බවට පත් කළ නොහැකියි. එහෙත් ස්ත්‍රිය එය සිදුකරනුයේ ස්වභාධර්මයේ අපූරු දායාදයකිනි. මේ විශ්ම කර්මය සිදුකරන ළය මඬල තුළ සැඟවුණ අපුරු රහස් තව නම් කොතෙකුත් තිබිය හැකිය. අනුකම්පාව, ළෙන්ගතුකම, ආදරය, දයාව හිමි වගේම වෛරය, කෝපය ද මේ ළය මඬල සතුයි. දේහ ලක්ෂණ විද්‍යාව යම් තරමකින් හෝ දැන සිටියහොත් මේ ලෙසින් ඇයව හඳුනාගත හැකි වනු ඇත.

 

 

උපදෙස්

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී

බෙම්මුල්ලේ හෙන්රි