ආදරණීය මවුපියනි ඔබේ දරුවා අන්තර්ජාලයේ සිටින්නේ කොතැන ද?

මැයි 1, 2019

දැන් බොහෝ දෙනෙකුට ටචජඥඡධධඬ ගිණුමක් තිබීම සුලභය. එහෙත් බොහෝ දෙනෙකු තම උපන්දිනය ළං වෙන විට සිටින්නේ මහත් බියෙන් හා සැකයෙනි. තම මිතුරන් තම උපන්දිනයේදී තමුන්ව පුදුමයට පත් කිරීම සඳහා කුමන නධඵබ එකක් දමයිද? මෙය බොහෝ දෙනෙකුගේ සිතේ ඇති බියකි.

පසුගිය දිනෙක පෞද්ගලික ආයතනයක කාර්යාලයක සේවය කරන තරුණයෙකුගේ උපන් දිනය යෙදී තිබුණි. එය දුටු ඔහුගේ මිතුරකු ඔහු කාර්යාලයේ පුටුවක් මත කට ඇරගෙන නිදා සිටින ඡායාරූපයක් සමඟ ඩ්චනනර ඕඪපබඩඤචර ඉභනභද ඕපධ යනුවෙන් සටහන් කර ඔහුට සුබ පැතුවේ පුංචි විහිළුවක් කිරීමේ අපේක්ෂාවෙනි. එහෙත් ආයතනයේ ප්‍රධානියා පසුදින ඔවුන් දෙදෙනාම කාර්යාලයට කැඳවූයේ මතක සිටින තෑග්ගක් දීමේ අපේක්ෂාවෙනි. දෙදෙනාම කාර්යාලයෙන් ඉවත්කර තිබුණේ ආයතනයේ සභාපති මේ පිළිබඳ අසා ඇති නිසාය. කාර්යාලය තුළ නිදියෑම ඔහු කළ වරදය.

මේ අන්තර්ජාලය වැරැදි භාවිතයෙන් සිදු වූ එක් සිදුවීමක් පමණකි. අද උපදින දරුවා අන්තර්ජාලය හා තාක්ෂණය ද දෝතින් ගෙන උපත ලබයි. ඔවුන්ට ජංගම දුරකතන, පරිගණකය සාමාන්‍ය උපකරණය. ඒවා භාවිත කිරීම පිළිබඳ දරුවනට අමුතුවෙන් කියාදිය යුතු නොවෙයි. ගර්භාෂය තුළ සිටින දරුවාට ජංගම දුරකථනයේ හඬ ඇසෙයි. ඒ තරමටම තාක්ෂණය අප වෙලාගෙන අවසන්ය. එහෙත් මෙසේ තාක්ෂණය දියුණු වෙද්දී අන්තර්ජාලය හරහා සිදුවන හිංසනය ද වැඩි වී තිබෙන්නේ අප නොසිතනා ලෙසිනි. විශේෂයෙන්ම සමාජ ජාල උපයෝගිකර ගනිමින් චරිතයට හානි කිරීම, පෞරුෂයට හානි කිරීම, පෞද්ලික තරහක් පිරිමසා ගැනීම මේ වන විට විශාල වශයෙන් වැඩි වී තිබේ. ඇතැම් විට අප ඉතාම සද්භාවයෙන් යුතුව කරන ක්‍රියාවක් පවා අවසානයේදී විශාල හානියක් වන අවස්ථා ද අපට අසන්නට ලැබෙයි.

අවුරුදු 15 ක් වයස පිරිමි දරුවකුගේ මව හා පියා අහිමි වී අන්ත අසරණව ඔහුගේ මිත්තණියත් සමඟ ජීවත්වන පුවතක් පසුගිය දිනක ටචජඥඡධධඬ හරහා හුවමාරු විය. මෙය දකින ‘වල් බස්සා’ නමැති ගිණුම් හිමියෙක් මෙයට තමුන්ගේ අදහසක් ලෙසින් සටහනක් යොදයි. “මේ ලස්සන කොල්ලා සුද්දෙකුට දුන්නොත් මටත් කීයක් හරි අරගෙන කොල්ලටත් ගානක් දෙන්න තිබුණා.”

මෙසේ ව්‍යාජ නම්වලින් පෙනී සිටින පුද්ගලයන් සිදු කරන හානිය ඉතාමත් බරපතළය. එම දරුවාගේ ඡායාරූපයක් සහිතව මෙම පුවත ටචජඥඡධධඬ ගිණුමට එක් කරන තැනැත්තා දරුවා සිටින ස්ථානය ලිපිනය දුරකතන අංකය, ගිණුම් අංකය පවා මෙම සටහනේ යොදා තිබුණි. එයින් දරුවාගේ පෞද්ගලිකත්වයට හා ජීවිතයට සිදු වන හානියේ බරපතළකම අප සිතනවාට වඩා වැඩිය.

එසේම එවැනි සිද්ධියක් පසුගියදා ඹඩචබචනන හරහා ද සිදු විය. ඒ වැල්ලවායේ අවුරුදු 32 ක කාන්තාවක් අමානුෂික ලෙස මැරීමය. මෙම සිදුවීමත් සමඟ පිළිකා රෝගයකින් පෙළෙන දරුවකුගේ ඡායාරූපයක් ද එම කාන්තාව මිය ගිය සිද්ධිය සමඟම පළ විය. සුළු මොහොතකින් එම පිළිකාවෙන් පෙළෙන දරුවාගේ මවුපියන්ට දුරකථන ඇමතුම් ගලාගෙන එන්නට විය. ඉතාම අසරණ තත්ත්වයට පත්ව සිටි මේ මවුපියන්ට මේ සිද්ධියත් සමඟ ඇතිවූයේ විශාල කම්පනයකි.

සැඟවුණු කැමරා

මෑත කාලයේ අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජනය විවිධය. විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ගේ ශරීරයේ කොටස් හා යට ඇඳුම් වීඩියෝගත කර ඒවා ඹඩචබඵචනන හරහා හුවමාරුකර ගන්නා කණ්ඩයාම්ද මේ වන විට බිහි වී තිබේ. තරුණ කණ්ඩායම් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ක්‍රීඩාවක් බවට ද මෙය පත්වී ඇත. සියුම් කැමරා උපයෝගි කරගනිමින් කාන්තාවගේ ශරීර කොටස් වීඩියෝගත කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල දිය නාන දර්ශන, ඇඳුම් මාරුකරන දර්ශන ආදිය වීඩියෝගත කිරීම තුළින් සිදුකරන හානි දිනෙන් දින වැඩිවෙමින් තිබේ.

 

 

2019/05/01 තරුණි බලන්න.