ඔබේ හැඳුනුම් පත නැතිවුණා ද?

ජුනි 26, 2019

නඩුහබවලට පැටලෙන්නට, නීතීඥයන් සමඟින් ගනුදෙනු කරන්නට, උසාවි ගොස් කූඩුවල නඟින්නට.... මේ අපි ජීවිතේ කොයිම වෙලාවකදීවත් සමීප කරගන්නට අකැමැති අප්‍රසන්න අවස්ථාවන් ය.

මාවනැල්ල ප්‍රදේශයේ එක්තරා හෙදියකට නිරපරාදේ උසාවිය ඉදිරියේ පෙනී සිටින්නට සිදුවූයේ විනිසුරුවරයකුට මරණ තර්ජන එල්ල කළේ යැයි චෝදනාව අනුව ය.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගුරුවරියකට නොසිතූ අවස්ථාවක දී පොලීසියකට කැඳවුමක් ලැබුණේ ජංගම දුරකථන සොරකමකට හසුවීමෙනි.

තමා සිම්පතක් මිලදී ගෙන තවත් සිම්පතක් මිතුරකුට ද ලබාදී (ජධභනතඥ ඵඪථ) වසර කිහිපයකට පසු පොලීසියකට හදිසි කැඳවීමක් ලැබෙනුයේ සිහි එළවාගත නොහැකි පරිද්දෙනි.

දිනක් විදුලි සංදේශ නියාමන කොමිසමට පැමිණෙන්නේ අවුරුදු 75 ක් පමණ වයසැති පූර්ණ ආබාධිත පියකු සහ අවුරුදු 40ක් පමණ වයසැති පුතෙකි.

ඔවුන්ට විරුද්ධව එල්ල වූ චෝදනාව වන්නේ ද විනිසුරුවරයකුට මරණ තර්ජන එල්ල කිරීමයි.

ඉහත උදාහරණයන් සියල්ල විදුලි සංදේශ නියාමන කොමිසම ලද සත්‍ය සිදුවීම්ය.

ඔබ සිතන පරිදි ඉහත අවස්ථා කිහිපයේදී ම ඔවුන් වරදකරුවන් කරමින් පොලීසියට, උසාවියට .. ආදී ස්ථානවලට පැමිණවීමට හේතුව වූයේ කුමක් ද? ඔවුනට ජීවිතයේ වැරැදුණු තැන කොතැන ද?

 

උපදෙස්

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පාරිභෝගික සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා

මේනකා එච්. පතිරණ

2019/06/26 තරුණි බලන්න