මොබයිල් ෆෝන් එක නැති වුණොත් ක්ෂණිකව කළ යුතු දේ

ජූලි 3, 2019

ජංගම දුරකථනය කවුරුන් හෝ සොරකම් කළොත් එහෙමත් නැතිනම් වෙනත් හේතුවක් නිසා අස්ථානගත වුවහොත් අපේ දෛනික ජීවිතය එහෙම පිටින්ම අඩපණ වේවි.

ස්මාර්ට් ෆෝන්වලින් සමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසෙන්නන්ට, තවත් එදිනෙදා අත්‍යවශ්‍යම ඒර්‍ථර්‍ථඵ ඩවුන්ලෝඩ් කරගනිමින් ඒවායින් ගන්නා ප්‍රයෝජන මෙතෙකැයි කිව නොහැකියි.

ඉතින් ඔබ අතරැඳි ජංගම දුරකථනය අස්ථානගත වුවහොත් ක්ෂණිකව ඔබ කළ යුත්තේ කුමක් ද?

මෙතෙක් ඔබ සිදුකළේ ජංගම දුරකථනය අස්ථානගත වූ බවට, සොරකම් කරන ලද බවට හෝ නැති වූ බවට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට එහි පිටපතක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම යි.

වර්තමානයේ මෙම ක්‍රමවේදය වෙනුවට ශි‍්‍ර ලංකා පොලීසිය ඔබේ අස්ථානගත වූ ජංගම දුරකථනය සම්බන්ධයෙන් වෙනමම ක්‍රියාවලියක් හඳුන්වා දෙයි.

www.ineed.police.lk එහිදී ඔවුන් ඔබට වෙබ් අඩවියක් හඳුන්වා දෙයි. අන්තර්ජාලය හා සම්බන්ධ වූ පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් ඉහත සඳහන් වෙබ් අඩවියට පිවිසිය හැකි වේ. එහිදී User Registration  මෙනුව ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහිදී ඔබට ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට සිදු වේ. මෙය ක්‍රියාත්මක කරන අන්දම කෙටි වීඩියෝ පට හතරකින් මෙම වෙබ් අඩවියේම දක්වා තිබේ. එය හොඳින් අධ්‍යයනය කිරීමෙන් මෙම කර්තව්‍යය වඩාත් පහසු වේවි.

පළමුව ප්‍රවේශ පදය (Password)  සාදා ගැනීම

ඒ අනුව පළමුව ඔබේ හැඳුනුම්පත් හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය, ඔබව සම්බන්ධ කරගත හැකි ඊමේල් ලිපිනය, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය, මුලකුරු සමඟ නම, සම්පූර්ණ නම, ලිපිනය, රට ආදිය ඇතුළත් කළ පසු Verification Image  හි සඳහන් අංකය පහතින් ටයිප් කොට Rigister බොත්තම ක්‍රියාත්මක කළ යුතු වේ.

මේ පළමු පියවරයි. ඉන්පසු ඉහළින් කොළ පාට තීරුවක් දිස්වන්නේ නම් එහි සඳහන් වන්නේ ඔබ ඇතුළත් කළ තොරතුරු නිවැරැදි බවයි. රතු පැහැති තීරුවක යමක් සඳහන් වේ නම් ඇතුළත් කළ තොරතුරු නිවැරැදි නොවන බවයි. නැවත තොරතුරු නියමාකාරයෙන් ඇතුළු කළපසු ඔබේ ප්‍රවේශ පදය (password)  නිවැරැදිව නිර්මාණය වී ඇත. ඉන් අනතුරුව ප්‍රධාන පිටුවට (main menu) යෑමට Exit  ක්‍රියාත්මක කරන්න.

2019/07/03 තරුණි බලන්න