නවතම මොබයිල් ඇප්ස්

ජූලි 17, 2019

තාක්ෂණයත් එක්ක මොබයිල් ෆෝන්වල තිබෙන වැඩ කෑලිත් බොහොම වැඩි වෙනවා. ඉස්සර කෝල් එකක් ගන්න විතරක් තිබුණු ෆෝන්වලට සින්දු අහන්න පුළුවන්කම ආවා. ගේම්ස් ආවා. කලර් ඩිස්ප්ලේ සහිත ටච් ස්ක්‍රීන් ආවා. ස්මාර්ට් කැමරාවකුත් ආවා.

ඊට පස්සේ ඒක තවත් ස්මාර්ට් වෙලා පරිගණකයකට නොදෙවැනි තත්ත්වයට පත් වුණා. දැන් කාලේ ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනවා කියන්නේ පරිගණකයකින් කරන ඕනෑම වැඩක් කරන්න පුළුවන් කියන එකයි.

එලෙස දුරකථනය ස්මාර්ට් වීමෙන් පසු එය අපට කෙතරම් පහසුවක් වී ඇතිදැයි කියා දැන් ඔබටම වැටහේවි. එම පහසුව අපගේ වෘත්තිය පහසු කරනවා පමණක් නොව අපගේ රස වින්දනය, සමාජයීය බැඳියාව පවා තීව්‍ර කරනවා.

මේ මොහොතෙත් ස්මාර්ට් වෙමින් යන තාක්ෂණයට නව මොබයිල් ඇප්ස්, පරිගණක උපාංග, නව තාක්ෂණික මෙවලම් දිනෙන් දින එකතු වෙනවා. මෙලෙස තාක්ෂණයට එකතුවන නව ගැජට් පිළිබඳ ඔබත් දැනුම්වත් වුවහොත් ඔබේ ස්මාර්ට් ලෝකය තව තවත් ස්මාර්ට් වේවි.

දිනපතාම නතචර  play store  වෙතට එකතුවන දස දහසක් වූ Apps අතරින් පසුගියදා එළිදැක්වූ Apps කිහිපයක් ඔබ වෙනුවෙන් තෝරා ගත්තා.

ඡායාරූප සුරක්ෂිත කරන

Memoria Photo Gallery

දුරකථනය සමඟම ලැබුණු ඡායාරූප කළමනාකරණ මෘදුකාංගයට ඔබ කැමැති නැත්නම්. ඇන්ඩ්‍රොයිඩ් විලාසයටම සමාන (material design) පෙනුමකින් එන Memoria  අත්හදා බලන්නට පුළුවන්. සාම්ප්‍රදායික Gallery  එකකින් ඔබ්බට යමින් විශේෂාංග රැසක් ගෙන එනවා. ඒවා අතර, ඡායාරූප නැරඹීම ඔබට පමණක් සීමා කරමින් පාස්වර්ඩ් හෝ ඇඟිලි සලකුණු ආරක්ෂාව යෙදීමට හැකිවීම . . .

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක

2019/07/17 තරුණි බලන්න