ලස්සන පින්තූරයක් ගන්න අලුත්ම ඇප් එකක්

අගෝස්තු 7, 2019

තාක්ෂණය දිනෙන් දින අප සිතනවාට වඩා වේගයෙන් අලුත් වෙන දෙයකි. අලුතෙන් යමක් වෙළෙඳපොළට එක් නොවුණොත් ගතවෙන පැයක් ඇතුළත අලුත් අදහසක්වත් වෙළෙඳපොළට එනවා.

ඒ තරමටම දැන් තාක්ෂණය දියුණුයි. මේ දියුණුවන තාක්ෂණය තුළ ඔබත් ස්මාර්ට් නොවුණහොත් එය ඔබේ දෛනික කටයුතුවලට බලපෑමක් ඇති කරාවි. ඒ නිසයි ඔබේ ජීවිතය පහසු කරන මේ නව ඇප්ස් සහ ගැජට් ඔබට හඳුන්වා දෙන්නේ.

 චිත්‍ර ශිල්පීන්ට සහ නිර්මාණකරුවන්ට Wacom Cintq 16

වර්තමානයේ චිත්‍ර කලාවට නවීනතම උපකරණ රැසක්ම එක් වී තිබෙනවා. Wacom සමාගම නිෂ්පාදනය කරන ලද Cintq 16 ග්‍රැෆික් ටැබ්ලටයත් එවැනි නිෂ්පාදනයක්. මෙම Wacom Cintq 16 උපාංගය චිත්‍රකර්ම තිරයක් ලෙසින් ද හැඳින්වෙන අතර, එය අඟල් 15.6 ක තිර ප්‍රමාණයකින් යුක්ත වේ. එය වර්තමානයේ ඇති විශාල ප්‍රමාණයේ ලැප්ටොප් හො නෝට්බුක් උපාංගයක ප්‍රමාණයට සමාන වේ.

මෙයට 1080 ර්‍ථ ගුණාත්මක තත්ත්වයේ චිත්‍ර පෙන්විය හැකි අතර අතර එය නිර්මාණකරුවකුට වඩාත් පැහැදිලිව තමන් නිර්මාණය කරනා දෙය දැකීමටත්, තම නිර්මාණයේ ඉතා සියුම් තොරතුªරු පවා ග්‍රහණය කරගැනීමටත් උපකාරී වේ.

කෙසේ නමුත් මෙය ස්පර්ෂ (tuch screen) තිරයක් නොවන බව අවබෝධ කරගත යුතු අතර, ඒ නිසා සාම්ප්‍රදායික ටැබ්ලට් උපාංගයක් ලෙසින් මෙය හැසිරවීමට නොහැකියි. ඒ නිසා මෙම උපාංගය ඔස්සේ නිර්මාණ කිරීමට පමණක් නොව එය හැසිරවීම සඳහා පවා මේ සමඟින් පමිණෙන Wacom pro pen 2  උපාංග මහෝපකාරී වේ.

මෙම තිරය දිලිසීමෙන් තොර විශේෂ ආලේපයකින් යුක්ත වන අතර, එහි මතුපිට සීරීම් ද ඇති නොවන සුලු වේ. එනිසා ඔබට සිතේ කරදරයකින් තොරව අවශ්‍ය නිර්මාණයන් සිදුකළ හැකියි. එසේම මෙයට වර්ණයන් මිලියන 16.7 ක් පෙන්විය හැකියි.

මෙහි නැමීමට හැකි පාදම් දෙකක් ඉහළ කෙළවර දෙකෙහි තිබෙනා බැවින්, මතුපිටක මෙම ග්‍රැෆික් ටැබ්ලටය ඒ ආකාරයෙන් තැන්පත් කර තැබීමට හෝ වඩාත් පහසු කෝණයකට සිටුවා ගනිමින් ඔබේ නිර්මාණ කටයුතු කිරීමට හැකියාව ඇත.

 

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක

 

2019/08/07 තරුණි බලන්න