ෆෝන් එක වගේම ඔබත් ස්මාට් වන්න

අගෝස්තු 21, 2019

වර්තමාන ලෝකය සහ අන්තර්ජාලය යනු එකට බැඳී පවතින කාරණා දෙකක්. ඒ නිසාම රාජකාරි කටයුතුවලට අමතරව සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු සඳහා අන්තර්ජාලය වැඩි වැඩියෙන් යොදා ගනු දක්නට ලැබෙනවා.

ඔබව අන්තර්ජාලය කරා ඕනෑම මොහොතක රැගෙන යන්නේ ඔබගේ ස්මාට්ෆෝනයයි. ස්මාට් ෆෝනය සුඛෝපභෝගිත්වයේ සංකේතයක් වූ කාලයක් ද තිබිණි. එනමුත් එය වර්තමානය වන විට තරාතිරමක් නොමැතිව සැම දෙනකුගෙම අතේ තිබෙන සුලබ පාරිභෝගික භාණ්ඩයක් වී හමාරයි.

එහෙත් ෆෝන් එක ස්මාට් වුවත්, ඔබ එයින් කරන්නේ තවමත් ගෝත්‍රික වැඩ නම්, ඔබ ස්මාට් කෙනකු කියා හැඳින්විය නොහැකියි.

ෆෝන් එක වගේම ඔබත් ස්මාට් වෙන්න, මේ නව ඇප් සහ ගැජට් අධ්‍යයනය කරන්න.

නිදහස් දුරකථන සංවාදයකට Orii Smart Ring

දුරකථන ඇමතුමක් පැමිණි විටදී ස්මාට්ෆෝනය කනේ තබාගෙන කතා කිරීම ක්‍රම ක්‍රමයෙන් යල් පැනගිය ක්‍රමයක් බවට පත්වෙමින් තිබේ. ඒ වෙනුවට සාමාන්‍ය හෑන්ඩ්ෆ්‍රී එකක් නැතිනම් බ්ලූටුත් හෑන්ඩ්ෆ්‍රී එකක් පැලඳීම බොහෝ දෙනකුගේ පුරුද්දයි. කෙසේ නමුත් කාර්යබහුල දිනයක් පුරාවටම බ්ලූටුත් හෑන්ඩ්ෆ්‍රී උපාංගයක් කණේ පැලඳ සිටීම අපහසු බව බොහෝ දෙනකු පිළිගන්නා කාරණයකි.

Orii Smart Ring  උපාංගය මඟින් එයට විකල්පයක් හඳුන්වා දේ. එනම් හෑන්ඩ්ෆ්‍රී උපාංගය වන්නේ මෙම මුදුව වන අතර අවශ්‍ය මොහොතකදි එය කනට ආසන්න කොට දුරකථන සංවාදයේ යෙදීමට හැකියාව ඇත.

ස්මාට් මුදුවක් ලෙසින් හැඳින්වෙන මෙය ඔබේ ඇඟිල්ල ඔස්සේ හඬ කම්පනයන් නිකුත් කරනා අතර, ඔබේ ඇඟිල්ල කණේ අස්ථින්ට ආසන්න කොට තැබීමෙන් ඔබට දුරකථනය ඔස්සේ සම්ප්‍රේෂණය වන දෑ පහසුවෙන්ම ඇසීමට හැකිවනු ඇත.

එසේම මෙහි noise - cancelling වර්ගයේ මයික්‍රෆෝනයන් දෙකක් ද තිබෙනා බැවින් ඔබ කතා කරනා දෙය පහසුවෙන් ග්‍රහණය කරගැනීමට මෙම ස්මාට් මුදුවට හැකියාව ලැබෙනු ඇත. මෙය ජල ප්‍රතිරෝධි නිමාවකින් යුක්ත වන නිසා පිටත භාවිතයට හෝ දහදිය දැමිම වැනි ගැටලු සම්බන්ධයෙන් හෝ සිත් කරදර කර ගැනීමට අවැසි නොවේ.

 

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක

 

2019/08/21 තරුණි බලන්න