හරි මඟින් රට යන්නේ කොහොමද?

රැකියා ගිවිසුම සම්බන්ධව අවබෝධය කෙබඳු ද?
ඔක්තෝබර් 23, 2019

 

හරි මඟින් රට යෑම පිළිබඳ දැන් ඔබ බොහෝ සෙයින් දැනුවත්. විදෙස්ගත වීමට පෙර ඔබ ඔබේ රැකියා ගිවිසුම පිළිබඳ ද කරුණු කාරණා දැනසිටීම වැදගත් වේවි.

විදෙස් රැකියා සඳහා විදේශගත වන සියලුදෙනා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වූවකි. මෙම ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලියවිලි අතර රැකියා ගිවිසුම ද ඇතුළත වේ.

ඔබ පිරිමි ශ්‍රමිකයෙක් නම් මැද පෙරදිග නොවන රටවල්වලට යෑමට බලාපොරොත්තුවන ගෘහ සේවිකාවක් හෝ පුහුණු කාන්තා ශ්‍රමිකයෙක් නම් විදේශ රැකියා ඒජන්තවරයා සමඟ රැකියා ගිවිසුමක් අත්සන් කළ යුතුය.

මැද පෙරදිග රටවල්වලට යෑමට බලාපොරොත්තුවන ගෘහ සේවිකාවන් එම රටේ තානාපති කාර්යාලය සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය.

විදෙස්ගත වීම සිදු කරනුයේ ඒජන්සියක් හරහා නම් එහි සේවායෝජකයාගේ අත්සන, විදේශ රැකියා ඒජන්තවරයාගේ අත්සන, තානාපති/ කොන්සල් කාර්යාලයීය නිලධාරියාගේ අත්සන, දේශීය ඒජන්තවරයාගේ අත්සන ගෘහ සේවිකාවගේ අත්සන තිබිය යුතුයි.

 

 2019/10/23 තරුණි බලන්න..............


  

උපදෙස්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කළමනාකාරිනී

නෙළුම් සමරනායක