නව ජාතික හැඳුනුම්පත ස්මාර්ට් කාඩ්පතක

ජනවාරි 22, 2020

රටක තමාට හිමි පුරවැසිභාවය කියාපාන කැඩපත ජාතික හැඳුනුම්පතයි. කාලෙන් කාලෙට සංශෝධනය වෙමින් පැවැත ගෙන ආ ජාතික හැඳුනුම්පත දැන් නව මුහුණුවරක් ගත් එකකි.

එහෙත් තවමත් පැරැණිම හැඳුනුම්පතට හිමිකම් කියන්නෝ බොහෝ වෙති. ජාතික හැඳුනුම්පත යැයි කියූ සැණින් තවමත් අපගේ මතකයට නැඟෙනුයේ කහපැහැ කඩදාසියක ඡායාරූපය අලවා හැඳුනුම්පත් අංකය ටයිප් කර, තොරතුරු අතින් ලියා නිකුත් කරන ලද හැඳුනුම්පතයි. අඩසිය වසකට ආසන්න කාලයක් පුරාවට භාවිතයේ පවතින එම හැඳුනුම්පතේ අඩුපාඩු රැසක් ඉස්මතු වෙමින් පවතී. තාක්ෂණය හා හරි හරියට සටන් නොකළ ජාතික හැඳුනුම්පත එලෙසම පැවතිණි. එසේ වීම නිසාම

* එකම අංකය කිහිපදෙනකුට

නිකුත්වීම

* හැඳුනුම්පත් භාවිතය වැඩිවීම

* ව්‍යාජ හැඳුනුම්පත් භාවිතය වැඩිවීම

* තොරතුරු යාවත්කාලීන නොවීම

* ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම වැනි

ගැටලු කිහිපයක්ම විය. බොහෝ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන නව ලොවට ගැළපෙන තාක්ෂණය භාවිත කරමින් සේවාලාභීන්ට කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා දීමට කැප වේ. එසේ වුවත් ප්‍රධානම නෛතික ලියවිල්ලවන ජාතික හැඳුනුම්පත අතින් ලියා නිකුත් කිරීමත්, එහි ඇතුළත් තොරතුරු යාවත්කාලීන නොවීමත් නිසා තවදුරටත් එය භාවිත කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුවන්නට වුණි.

මේ සියලු කරුණු සලකා බලා පුද්ගල දත්ත වඩාත් විශ්වාසනීයව තහවුරු කිරීම සඳහා ජීවදත්ත මෙන්ම ජීවමිතික දත්ත ද ඇතුළත් කර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලීන අවශ්‍යතාව තදින්ම දැනෙන්නට විය.

උපදෙස් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්

පී. වියානි ගුණතිලක

විශේෂ ස්තූතිය - මාධ්‍ය ඒකකයේ තුසිතා ධනසේකර මහත්මියට

2020/01/22 තරුණි බලන්න