රාත්‍රී කෑම වේලක මිහිරියාව

සැප්තැම්බර් 11, 2019

 

සැමියා, බිරිය, දූදරුවන් මේ හැමෝම බොහෝවිට එකට එකතුවෙන්නේ රාත්‍රී කෑම මේසයේ දී. මේ නිසාම බොහොමයක් නිවෙස්වල රාත්‍රී කෑම වේල සුවිශේෂීයි. අලුත් අලුත් අත්හදා බැලීම් කරමින් රසයට වගේම පෝෂණ ගුණයට මුල්තැන දෙමින් පිළියෙල වන මේ ආහාර වට්ටෝරු කිහිපය දෙස බලන්න. කෑම පින්තූර දිහා බැලුවත් ඇති වගේ. රාත්‍රී කෑම වේලක් හැමවිටම සැහැල්ලු විය යුතුයි. සුව පහසු නින්දක් කරා ළඟා වීමට බර ආහාර වේලක් රාත්‍රියට කොහෙත්ම සුදුසු නැහැ. සූපවේදයේ නව ඉසව් සොයායමින් විදෙස් රටවල නාවික යාත්‍රා හි විධායක සූපවේදියකු ලෙස කටයුතු කරන ජගත් ලියනගේ තරුණී සමඟින් අත්වැල් බැඳගැනීමත් අපට සතුටක්.

මෙම කෑම වට්ටෝරු සඳහා ඔහු යොදා ඇති දෑ සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගතහැකි දේවල්. ඒ සඳහා විකල්ප එක් කරන්නත් ඔහු අමතක කළේ නැහැ.

 

ස්ටෆ්ඩ් සීෆුඩ් ඉන් ල යි චි කරි

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

මික්ස් සීෆුඩ් (ඉස්සො, දැල්ලො, මාළු) ග්‍රෑම් 350 ක්

ලයිචි ගෙඩි 14ක් (මෙය ටින් වශයෙන් මිලදී ගත හැකිය)

( ලයිචි වෙනුවට රඹුටන් යොදාගත හැකිය)

සිහින්ව ලියාගත් බී ලූනු ස්වල්පයක්

තළාගත් සුදුලූනු ස්වල්පයක්

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් කිහිපයක්

සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

බිත්තර කහමද 2 ක්

කුඩා කොටු කපාගත් පාන් පෙති 01ක්

ලුණු (රස අනුව)

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ගී‍්‍රන් කරි පේස්ට් (තායි) ග්‍රෑම් 50 ක්

පොල් කිරි මිලිලීටර් 200 ක්

කරඳමුංගු ස්වල්පයක්

කරාබු නැට් ස්වල්පයක්

කුඩාවට කපාගත් බෝංචි කරල් තුන හතරක්

කුඩාවට කපාගත් වම්බටු ගෙඩියක්

බෙල්පෙපර් රතු සහ කහ පාට කරල බැගින්

ලූනු කොළ ස්වල්පයක්

බාස්මතී සහල් ග්‍රෑම් 300 ක්

බටර් ස්වල්පයක්

 

2019/09/04 තරුණි බලන්න

 

 

 

උපදෙස්
විධායක සූපවේදී
(AIDA CRUISES)
ජගත් ලියනගේ