සෝස් වර්ග ඔබේ අතින්ම

මැයි 20, 2020

මේ දිනවල සුපිරි වෙළෙඳසල්වලින් බඩුබාහිරාදිය ගැනීම වෙනදා තරමටම සිදුවෙන්නේ නැහැ. ඉතිං නිවෙසේදීම පිළියෙළ කරගත් කට්ලට්, පැටිස් වගේ දේවල් කෑමට ගනිද්දී, සලාද වර්ග පිළියෙල කරද්දී සෝස් වර්ගයක් තිබේ නම් තවත් රසවත් වේවි.

දැනට පාවිච්චි කරමින් සිටි සෝස් බෝතලය අවසන් වුණා ද? වෙළෙඳසල් විවෘත කරන තෙක් තැවි තැවී ඉන්න එපා. සෝස් වර්ග නිවෙසේදීම සාදා ගැනීම පහසු කටයුත්තක්. හරිම සරල අමුද්‍රව්‍ය කිහිපයක එකතුවක් පමණයි අවශ්‍ය වන්නේ. දෙවරක් නොසිතාම සෝස් වර්ග කිහිපයක්ම සාදන්නයි මේ සූදානම.

ඉදිරිපත් කිරීම :

ප්‍රවීණ සූපවේදිනී

දුශාන්ති මදනායක

තක්කාලි සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු තක්කාලි ගෙඩි 6ක් හෝ

තක්කාලි පියුරි කප් එකක්

සීනි මේස හැඳී 3 ක්

ලුණු කුඩු තේ හැඳී 1ක්

ඉඟුරු, සුදුලූනූ පේස්ට් එක

තේ හැඳී 1 බැගින්

විනාකිරි මේස හැඳී 2 ක්

වතුර මිලිලීටර් 500ක්

සාදන අන්දම

වතුරවලින් ටිකක් ගෙන ඉදුණු තක්කාලි ටික හොඳීන් ⁣බ්ලෙන්ඩර් කර ගන්න. එය රෙදි කෑල්ලකට දමා හොඳීන් පෙරාගන්න. මෙසේ සාදා ගන්නේ තක්කාලි පියුරි ය. තක්කාලි පියුරි වෙළෙඳසල්වල විකිණීමට තිබේ. ඒවා මිලට ගෙන තක්කාලි සෝස් සාදා ගන්නත් පුළුවන්.දැන් ඉහත කී සියලු දේ හොඳීන් කලවම් කොට ළිපේ තබා ගන්න.හැඳී ගාමින් උකු වේ ගෙන එද්දී ළිපෙන් බා ගන්න.

නිවුණු පසු පිරිසිදු බෝතලයකට දමා ගන්න. ලුණු, විනාකිරි ආදිය දමන නිසා මෙය කල් තබා ගත හැකියි. ශීතකරණයේ තැබීම අත්‍යවශ්‍යයි.

2020/05/20 තරුණි පුවත්පත බලන්න