අතුරුපසට කදිම රුලං පුඩිම

ජුනි 3, 2020

අවශ්‍ය ද්‍රව්‍ය

 

* රුලං ග්‍රෑම් 150 ක්

* ටින්කිරි ටින් 1/2 ක්

*අවශ්‍ය නම් පමණක් සීනි

(එතරම් පැණි රස අවශ්‍ය නොවේ නම් සීනි නොදමන්න .)

* රසවත් කිරීමට වැනිලා,

වියළි මිදි සහ කජු ටිකක්

* වතුර කෝප්ප 02 ක්

 

සාදන ක්‍රමය

 

* පළමුවෙන්ම රුලං ටික යාන්තමින් බැදගන්න.

* ඉන්පසුව මේ බැදගත් රුලං ටික බඳුනකට දමා එයට වතුර කෝප්ප දෙකක් ද දමා ළිප තබා හැඳී ගාන්න .

* රුලං ටික උතුරාගෙන එනවිට ටින්කිරි ටික එකතු කරන්න . අවශ්‍ය නම් සීනි ද එකතුකර හැඳී ගාන්න .

* එයටම වැනිලා, වියළි මිදි සහ කජු කලවම් කරන්න. (කජු සහ වියළි මිදිවලින් කොටසක් සැරසීමට තබාගන්න.)

* දැන් ළිපෙන් බා ගත් රුලං ටික බඳුනකට දමා ඉතිරි කජු සහ වියළි මිදි වලින් සරසා ශීතකරණයේ තබන්න.

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න.