නව පරපුරේ නිළි ප්‍රාර්ථනා ගේ කොහිල අල සම්බෝලය

සැප්තැම්බර් 2, 2020

තරුණී’ පුවත්පතට අද රසවත්, ගුණවත් ආහාරයක් සාදා ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ නව පරපුරේ නිළි ප්‍රාර්ථනා සෙව්වන්දියි. 2018 වසරේ ‘මිස් ලංකා’ කිරුළට තරග වැදි Miss Photogenic සහ Miss beautiful figure යන ද්විත්ව නාමයෙන් පිදුම් ලද ඈ එම වසරේදිම  Miss Sri Lanka for USA පැජන්ට් එකට තරග වැද Miss beautiful පදවි නාමයට පාත්‍ර වූවාය.

හිරු ටෙලි නාළිකාවේ ‘සිද්ධාර්ථ ගෞතම’ සහ ‘උරුමයක අරගලය’ ටෙලි වෘතාන්තවල සුළු චරිත නිරූපණයකින් රංගන දිවියට පිවිසි ඇය මේ දිනවල දෙරණ ටෙලි නාළිකාවේ දිග ඇරෙන ‘රාවණා’ ටෙලි කතා මාලාවේ ප්‍රධාන දේව සෙන්පතිනිය ලෙස රඟපාමින් රසික හදවත් ස්පර්ශ කරන්නීය.

ප්‍රාර්ථනා උස කීයද?

අඩි පහයි අඟල් නවයයි.

තරුණ නිළියක්... මොනවද ‘තරුණී’ පාඨකයන් වෙනුවෙන් අද හදන කෑම වර්ගය?

අද මම කියාදෙන්න යන්නේ රසවත් වගේම ගුණවත් බවින් පිරි කොහිල අල සම්බෝලයක්.

විස්තර කරන්නකෝ එහෙනම්...

මේ සම්බෝලය, ඉක්මණින්ම සහ අඩු ද්‍රව්‍යය ප්‍රමාණයකින් හදා ගන්න පුළුවන් රසවත් සම්බෝලයක්. මුලින්ම කොහිල අල දණ්ඩක් අරගෙන පිට පොත්ත ඉවත් කරලා කුඩා කැබැලිවලට කපා ගන්නවා. එයට කුඩාවට කපාගත් තක්කාලි, ලියාගත් රතුලූනු, ගම්මිරිස් කුඩු, හීනියට ලියාගත් අමුමිරිස්, උම්ලකඩ, ගාගත් පොල් ස්වල්පයක්, අවශ්‍ය පදමට ලුණු එකතු කරලා අවසානයේ දෙහි ගෙඩියක ඇඹුල් මිශ්‍ර කරලා හොඳට අනලා කෑම මේසයට පිළිගන්වනවා.

මේක රස විඳින්න පුළුවන් බත් එක්ක විතරද?

නැහැ. මල බද්ධය, ආමාශ රෝග තියෙන අයට මේ සම්බෝලය රාත්‍රී ආහාරයක්, ඒ කියන්නේ ‘සැලඩ්’ එකක් විදියට බුක්ති විඳින්න පුළුවන්.