රස ගුණ පිරි පෝෂණීය ආහාර

මාර්තු 24, 2021

සරල එහෙත් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වට්ටෝරු අතර පෙරමුණේම තිබෙන්නක් ලෙස දේශීය ආහාර වර්ග හැඳින්විය හැකියි. කුළුබඩු යහමින් යොදා අපේ ගෘහණියන්ගේ දෑතෙන් පිසෙන මේ දේශීය ආහාර වට්ටෝරුවල පෝෂණ ගුණයට සමකල නොහැකි වෙනත් ආහාර වට්ටෝරු නොමැති තරම්. ඒ නිසා නිවෙසක අනිවාර්යයෙන්ම පිසිය යුතු මේ පෝෂණීය ආහාර ඔබත් සකසා රස බලන්න.

 

උපදෙස් විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

ඇලිගැටපේර තෙම්පරාදුව

 

අවශ්‍ය ද්‍රව්‍ය:

 

පොතු ඇරලා පොඩියට

කපාගත් ඉඳුණු

අලිගැටපේර ගෙඩි 2 ක්

අබ ස්වල්පයක්

කරපිංචා ඉත්තක්

කඩල පරිප්පු ස්වල්පයක්

සුදුරු ස්වල්පයක්

කපාගත් වියළි මිරිස්

කරල් 2 ක්

දික් අතට කපාගත්

අමුමිරිස් කරල් 2 ක්

සිහින්ව ලියාගත්

කැරට් අල 2 ක්

කහ කුඩු තේ හැඳි

½ ක්

ලුණු ස්වල්පයක්

රට කජු කෝප්ප ½ ක්

 

සාදන ක්‍රමය:

 

භාජනයකට තෙල් ස්වල්පයක් දමා රත්වෙනකොට අබ, සූදුරු, කඩල පරිප්පු, කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. මේකට කපාගත් වියළි මිරිස් ද එකතු කර හොඳට තෙම්පරාදු කරගන්න.

ඉන්පසු කැරට්, ලුණු සහ කහ කුඩු දමා කළවම් කර කපාගත් අලිගැටපේර ටික එකතු කරන්න. දැන් රටකජු ටික ද දමා කළවම් කර පියන වසා අලිගැටපේර තැම්බෙනකම් විටින් විට කළවම් කරමින් පිසගන්න.

 

කජු කරිය

අවශ්‍ය ද්‍රව්‍ය:

අමු කජු ග්‍රෑම් 400 ක්

(වියළි කජු නම්

රැයක් පොඟවන්න)

ලියාගත් රතුලූනු ගෙඩි 10 ක්

කපාගත් අමු මිරිස්

කරල් 2 ක්

කරුඳු පොතු කැබැල්ලක්

කරඳමුංගු 2 ක්

රම්පේ කැබැල්ලක්

පහේ කුඩු තේ හැඳි 3 ක්

කහ කුඩු තේ හැඳි ½ ක්

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි ¼ ක්

අබ තේ හැඳි ¼ ක්

දිය කිරි කෝප්ප 2 ක්

මිටිකිරි කෝප්ප 3 ක්

ලුණු රස අනුව

පොල්තෙල් මේස හැඳි 2 ක්

 

සාදන ක්‍රමය:

 

කජු වලට ලුණු, පහේ කුඩු, කහ,මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු දමා හොඳින් අත ගා පැයක් තබන්න. දැන් මැටි ඇතිලියක තෙල් ටික රත්වෙන්න තබා තෙල් රත් වුණාම ඒකට උළුහාල්, කරපිංචා, රම්පේ, අබ, කුරුඳු පොතු හා කරදමුංගු දමා තෙම්පරාදු කරන්න.

ඒකට ලියාගත් රතු ලූනු දමා විනාඩි 3 ක් පමණ තෙම්පරාදු කරන්න.

දැන් අමුමිරිස් දමා තවත් තත්පර 20 ක් විතර තෙම්පරාදු කරන්න.

පහේ දමා ගත් කජු ටික දැන් තෙලට දාන්න. හොඳින් මිශ්‍ර කර තෙලෙන් විනාඩි 10 ක් පමණ තෙම්පරාදු කරන්න.

ගින්දර අඩු කර පියන වසා මද ගින්නෙන් විනාඩි 2 ක් පිස ගෙන දිය කිරි එකතු කරන්න.

ගින්දර වැඩි කර දිය කිරි හිඳෙන තුරු පිස ගෙන මිටි කිරි එකතු කරන්න.

මිටිකිරි එක් කළාට පස්සේ අඩු ගින්දරේ පියන වසා විනාඩි 30 ක් විතර පිසින්න. වරින්වර හැඳි ගාන්න. අවශ්‍ය ගානට හිඳුනු පසු ළිපෙන් බාගන්න.