ඔබේ වැරැදි ක්‍රියා නිසා සම වියළෙන බව දන්නවාද?

අගෝස්තු 14, 2019

පැහැපත්, දිදුළන සමකින් කාන්තාවකට ලැබෙන පෙනුම මෙතෙකැයි පැවසිය නොහැකියි. නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. තමාට උපතින් ලැබුණු සුන්දර සම රැක ගැනීමට ඇතැම් කාන්තාවන්ට අපහසු වී තිබේ. සම වියළීම අද බොහෝ කාන්තාවන්ට අසහනකාරී ගැටලුවක් බවට පත් වී තිබෙන්නේ ඉන් සම වයසට ගිය බවක් දිස්වීම නිසයි.

අපේ සම වියළීමට හේතු වන කරුණු බොහොමයක් ම සිදු වන්නේ ඒ පිළිබඳ අපේ ඇති නොසැලකිලිමත්කම හා නොදැනුවත් බව නිසයි. සම වියළීමට පරිසර සාධක මෙන්ම අප විසින් සිදු කරන වැරැදි ක්‍රියා බොහොමයක් ද හේතු වේ.

පරිසර උෂ්ණත්වය වැඩි නිසා අද බොහෝ විට කුමන ස්ථානයක සිටියත් අපිට විදුලිපංකාවක් හෝ වායුසමීකරණයක් ආශි‍්‍රතව සිටීමට සිදු වේ. මෙය අපේ කැමැත්ත අනුව මෙන්ම අපේ අකැමැත්තක් තිබුණද සේවා ස්ථානවලදී සිටීමට සිදු වේ. එහෙත් ඒ නිසා අපේ සම වියළීමට ලක් වේ. අද බොහෝ දෙනෙක් උණුවතුර ස්නානයට පුරුදු වී ඇත්තේ ඉන් සිරුරට ලැබෙන සනීපය නිසා විය හැකියි. එහෙත් උණුසුම් පරිසරයක් ඇති අපේ වැනි රටක දී උණුවතුරෙන් ස්නානය හෝ ඇඟ සේදීම නිසා සම වියළීම සිදුවේ.

ඊට අමතරව අපි භාවිත කරන බොඩි වොෂ්, ෆේස් වොෂ්, සබන් ආදිය නිසා ද සම වියළීමට ලක් වේ. මෙහිදී නිරන්තරයෙන් භාවිත කරන මේ සේදුම් කාරක තෝරා ගැනීමේ දී තමාගේ සමට ගැළපෙන සේ ඒවා තෝරා ගැනීම කළ යුතුය. නැතිනම් වියළි හෝ සාමාන්‍ය සමක් ඇති අයෙක් තෙල් සමකට සුදුසු ආකාරයේ සේදුම්කාරකයක් තෝරා ගතහොත් සිදු වන්නේ තවත් ඔබේ සම වියළීමයි. පමණට වඩා සේදීම නිසා ද සම වියළෙන බැවින් නිතර නිතර සේදුම් කාරක යොදා සම සේදීම ද නොකළ යුත්තකි.

හිරු එළිය නිසා ද සම වියළීමකට ලක් වේ. එමෙන්ම සබන් හෝ බොඩි වොෂ් හෝ සේදීමට භාවිත කළ ද්‍රව්‍ය හොඳින් වතුරෙන් සෝදා ඉවත් කළ යුතුයි. එසේ නැතිව යන්තමින් සේදීම නිසා ඒවා සිරුරේ තිබීමෙන් ද සම වියළෙයි. දැඩි මානසික පීඩනය නිසා ද සම වියළීමට ලක් වේ. රූපලාවණ්‍යයේ දී භාවනාව ද මානසික නිරෝගීතාව සඳහා යොදා ගන්නේ එබැවිනි. මේ වන විට සොයාගෙන ඇත්තේ 80%කටත් වැඩි ප්‍රමාණයක් රුව සඳහා මානසික තත්ත්වය ද බලපාන බවයි.

 

2019/08/14 තරුණි බලන්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.