හිස කෙස් තුනී වෙලා

සැප්තැම්බර් 25, 2019

ප්‍රශ්නය - පාසල් ශිෂ්‍යාවක් වන මාගේ හිස කෙස් වඩාත් තුනී නිසා ඉක්මනින් කැඩී යයි. ඝනකම් කෙස් කලඹක් ලබාගැනීමට කුමක් කළ යුතු ද?

රත්නපුර - මල්කා

 

 

පිළිතුර

ඝන කෙස් කලඹකින් ගෙන දෙන්නේ සුන්දරත්වයකි. මේ නිසා කෙස් කලඹට නිසි පෝෂණය ලබා දෙමින් නඩත්තු කළ යුතුයි.

කෙස් කලඹේ පවතින ගැටලු අතර තුනී හිස කෙස් නිසා පීඩා විඳින යුවතියන් බොහොමයි. තුනී කෙස් කලඹක් උරුම වීමට ජානමය හේතු, මානසික ආතතිය, පෝෂණ ඌනතා සහ හෝර්මෝන අසමතුලිතතා වැනි හේතු ගණනාවක් බලපායි.

 

ඒ එක් එක් හේතුව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමෙන් ද ඔබගේ ගැටලුවට පිළිතුරු ලබා ගත හැකියි.

ඒ වගේම හිස කෙස් වර්ධනයට සහ ඝන කෙස් කලඹක් සඳහා එඬරු තෙල් සත්කාරය ඉතාමත් යෝග්‍යයි. එඬරු තෙල් මේස හැඳි 3 ක් සහ පොල් තෙල් මේස හැඳි 2 ක් සමඟ මිශ්‍ර කර රත් කරන්න. තෙල් නිවෙන්න තබා හිස් කබලේ ආලේපකර විනාඩි 10 ක් හොඳින් සම්බාහනය කරන්න.

ඉන්පසු උණු වතුරින් පොඟවාගත් තුවායකින් හිස කෙස් හා හිස් කබල ආවරණය කර විනාඩි 30 කින් ඉවත් කරන්න. ෂැම්පු යොදා හිස සෝදා හරින්න.

සතියකට වරක් හිසට ආගන් ඔයිල් දමා සම්බාහනය කරන්න. ඒ වගේම ඒ සඳහා විටමින් ඡ් වැනි පෝෂකද සුදුසුයි.

මේ බාහිර සත්කාර කරන අතරතුරේ ශරීරයට ලැබිය යුතු අභ්‍යන්තර පෝෂණය ලබා දෙන්නත් අමතක කරන්න එපා.

2019/09/25 තරුණි බලන්න