රුව ලස්සන කරන රහස්

ඔක්තෝබර් 16, 2019

 

ලස්සනට ඉන්න කැමැති ඔබට ප්‍රයෝජනවත්වන පුංචි පුංචි රහස් කීපයක් මෙලෙසින් ගෙන එනවා. ඔබේ රුවේී ඇතිවන ගැටලු සඳහා මේවා බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.

අකලට හිසකෙස් සුදු පැහැ වී නම්

 

අකලට හිසකෙස් පැහෙනවා නම්, හිසකෙස් වර්ධනය කරන හොඳ ඖෂධයක් ලෙස නෙල්ලි හදුන්වන්න පුළුවන්. නෙල්ලි ගෙඩි කීපයක් කැබලිකර අව්වේ වියළා පොල්තෙල් සමඟ රත්කර දිනපතා හිසකෙස්වල ආලේපකර සම්බාහනය කරන්න.

ඇස් වටා කළු වී ඇත්නම්

 

විටමින් ‘ඊ’ ස්වල්පයක් ගෙන ඇස්වටා හොඳින් සම්බාහනය කරන්න. එමඟින් ඇස්වටා ඇති කළු අඳුරු බව නැතිවී යයි. සම්බාහනය කිරීමේදී වෙඳැගිල්ල භාවිත කරන්න.

සම වියළි නම්

 

සමේ වියළිබව අඩුකර ගන්න සතියකට වතාවක්වත් ජල වාෂ්ප ඇල්ලීම හොඳ ප්‍රතිකර්මයකි. ආමන්ඩ් කෑමට එකතු කරගැනීමත් සමේ වියළි බවට හොඳ විසඳුමකි.

මුහුණ රැලි වැටීම වැළැක්වීමට

 

සතියකට දින තුනක්වත් රාත්‍රී නින්දට යෑමට පෙර මුහුණේ කෝමාරිකා ජෙල් ආලේප කරන්න.

 

සමේ පැහැපත් බව රැක ගැනීමට

 

නිතර ස්නානය කිරීම ඉතා වැදගත්. ස්නානය කරන විට කපු රෙදි කැබැල්ලක් ගෙන ශරීරයේ සම අවපැහැ ගැන්වී ඇති ස්ථාන සියුම්ව අතුල්ලන්න.

 

අත් යට අඳුරු පැහැවී ඇත්නම්

 

පොල්තෙල් අත්යට අඳුරු බව ඉවත් කරන්න හොඳ ඖෂධයක්. අඳුරු වු අත්යට පොල්තෙල් ආලේපකර විනාඩි 10 - 15 ක් පමණ තිබෙන්න හැර මෘදු සබන් වර්ගයක් යොදා සෝදා හරින්න.

 

 

 

2019/10/16 තරුණි බලන්න