පිච්ච මල් සුවඳින් සියලු දෝමනස්සයන් පහව යනවා

නොවැම්බර් 27, 2019

සොබා දම අපේ ගෙවත්තට පිච්ච මලේ සුවඳින්, වගේම අලංකාරයෙන් මොනතරම් සොඳුරු බවක් එක් කර තිබෙනවාද ? නැහැය සිසාරා යන සුවඳින් සුදෝසුදු සරල අලංකාරයෙන් පිරිපුන් පිච්ච මල සොබා දමට වගේම මානව ප්‍රජාවටම වටිනා කුසුමකි.

ගැටලු පිරි සමාජයේ සියලු ගැටලු මොහොතකින් අමතක කිරීමට පිච්ච මල් සුවඳින් නැහැය පුරවා ගැනීම හොඳටම ප්‍රමාණවත්ය. “සියලු ගැටලු දුරු කරගන්න පිච්ච මල් සුවඳ විඳින්න” යැයි අරාබි කියමනක් පවතී. පිච්ච නැත්නම් සුවඳ විලවුන් ද නැතැයි තවත් කියමනකි. දකුණු ආසියාතික අපට මහඟු සම්පතක් වූ පිච්ච කිහිප ආකාරයකින්ම අපේ රුව, සුවය රැක ගැනීමට යොදාගනී.

 

ආයුර්වේද උපදෙස් ඇසුරිනි.

 

2019/11/27 තරුණි බලන්න