සුන්දරත්වයත් ආරක්ෂාවත් ගැන සිතා කොණ්ඩා විලාසිතා තෝරාගන්න

මැයි 20, 2020

සුන්දරත්වයෙන් හැඩවෙන්න, විලාසිතා මවන්න සෑම ලලනාවක්ම දක්වන්නේ අසීමිත උනන්දුවක්. තමන්ගේ මුහුණ දෑත් හා දෙපා හැඩ කරගන්නවාටත් වඩා කොණ්ඩය හැඩ කරන්න සෑම යුවතියක්ම සෑම කාන්තාවක්ම වෙහෙසෙවා. තමන්ගේ ඇහිබැම සකසා ගන්න, ‍රූපලාවණ්‍ය සත්කාර කරන්න, කොණ්ඩා මෝස්තරයක් කරගන්න රූපලාවණ්‍යාගාරවලට ගිය බොහෝ දෙනකුට කොරෝනා වෛරසයේ බලපෑමෙන් වැටුණු ඇඳිරිනීතිය නිසා ඒ කටයුතු කරගන්න නොහැකි වුණා.

මේ නිසාම දැන් බොහෝ දෙනකුගේ කොණ්ඩය වැවිලා. නැතිනම් කොණ්ඩ මෝස්තරය වෙනස් වෙලා.

ඒ නිසාම බොහෝ දෙනෙක් තමුන්ගේ කාර්යාලයට යන්න අලුතින් හැඩ වෙන්නේ කොහොමද කියා හිතනවා. රූපලාවණ්‍යාගාර විවෘත කරන්න අවසර දුන්නත් ඒ සඳහා බොහෝ සෞඛ්‍ය නීති රීති පැනවුණා. ඒ රූපලාවණ්‍යාගාරයක සිදු කරන කටයුතුවලදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව තරමක අවදානමක් සහ ගැටලුකාරී තත්වයක් පවතින නිසා.

කොහොම වුවත් ඒ පසුබිම යටතේ තමුන්ගේ සේවා කටයුතු සහ දෛනික කටයුතු සිදු කරගන්න සිදු වෙනවා.

නැතිනම් විවිධ කටයුතු සඳහා නිවසින් බැහැරට යන්න සිදුවෙනවා. මෙවැනි ආරක්ෂිත පසුබිමක ඔබට ගැළපෙන කොණ්ඩා විලාසිතාවක් ගැන සිතන විට තමුන්ගේ සුන්දරත්වය වගේම සෞඛ්‍යාරක්ෂාවත් ගැන සිතා විලාසිතා තෝරා ගත යුතු වෙනවා.

ඒ නිසාම මේ වෙනුවෙන් කර හැකි විලාසිතා කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නේ රූපලාවණ්‍ය ‍සේවයේ අත්දැකීම් රැසක් ඇති ශිලපිනියක්. තරුණී රූපලාවණ්‍ය තරුව ලෙසින් සම්මාන ලැබූ ඇය නිෂා මනහාරි. නීෂා මනහාරි තරුණී පුවත් පත හරහා මුළු රටම හඳුනා ගත් ශිල්පිනියක්.

සැමදාම අපේ පාඨකයන්ට සමීප නීෂා මේ මෝස්තර ඉදිරිපත් කිරීමේදී ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් අත්දැකීම් පමණක් නෙවෙයි වෛද්‍ය රසායනාගාර ශිල්පිනියක් ලෙසින් ලැබූ දැනුමත්, පුහුණුවත් ඔබට තිළිණ කරනවා.

 

2020/05/20 තරුණි බලන්න

 

 

උපදෙස් -

තරුණී රූපලාවණ්‍ය තරුව ලෙසින් සම්මාන දිනූ

නීෂා මනහාරි