මුහුණට සත්කාර කරනවිට කන් දෙක අමතක වෙනවා ද?

ජුනි 3, 2020

ප්‍රශ්නය

මම 31 හැවිරිදි කාන්තාවක්මි. රුව ගැන ඉතා සැලකිලිමත් වෙමි. පිරිසුදුව ලස්සනට ඉන්න මම කැමැතිය. මාගේ මුහුණ ඉතා පැහැපත් වුවත් කන් දෙක අව පැහැ වී ඇත. එසේ වන්නේ ඇයි. එයට කළ යුත්තේ කුමක් ද?

සාගරිකා

පිළිතුර

පැහැපත් මුහුණක් වෙනුවෙන් ඔබ බොහෝ සත්කාර කරනවා ඇති. එහෙත් මුළු මුහුණටම සත්කාර කරද්දී කන්දෙකට සත්කාර කිරීම බොහෝ දෙනාට අමතක වෙනවා.

මේ නිසා බොහෝ යුවතියන්ට පැහැපත් මුහුණක් සමඟ අඳුරු කන් දෙකක් හිමි වී තිබෙනවා. මෙය ඔබේ පෙනුමට කෙළින්ම බලපාන බව අමතක කරන්න එපා.

ස්නානය කරනවිට කන් දෙක හොඳීන් සෝදා පිරිසුදු කරගන්න. මුහුණ සේදීමේදී සහ ක්ලෙන්සර් කිරීමේදී ඒ සත්කාර කන් දෙකටත් කරන්න. මොයිස්චරයිසර් හෝ ෆේස් ක්‍රීම් ආලේප කිරීමේදී කන් දෙක හොඳීන් සම්බාහනය කරන්න. මුහුණ මේක්-අප් කිරීමේදී ෆවුන්ඩේෂන් සහ පවුඩර් කන් වලත් ආලේප කරන්න.

කනේ පළඳීන කරාබු නිතරම හොඳීන් පිරිසුදු කරගන්න. කනේ පහසුව ගැන සලකා කරාබු තෝරා ගන්න. ඇතැම් කරාබුවල ස්වභාවය අනුවත් කන් පෙති අවපැහැ වීම් ඇති වේ.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී

වජිරා ලොකුගේ

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න.